Skip to main content

AL ටෙක් කරන්න කැමති ද?

 "A/L ටෙක් වලට කැම්පස් නෑ...Job නෑ..." කියලා කවුරු හරි කියනවා නම්,😥😥😥

මේ කථාව ගොඩක් O/L ගනන්,  විද්‍යාව උගන්නන ගුරුවරුන් කියන කතාවක්....හේතුව ඒ ගුරුවරුන් කියන්නෙත් කවුරු හරි කියපු බොරුවක්...එයාලා ලමයින්ට එහෙම කිව්වම ලමයි බය වෙනවා...

ඒ නිසා මේ Post එක නොදැනුවත් ආදරණීය සහෝදර O/L ගුරුවරුන්ටත් අදාලයි...

ටෙක් කරන්න අවමවශයෙන් 6යි 3ක ප්‍රතිඵලයයි ගනන්,විද්‍යාව S තියෙන්න ඕන ...ඒත් දැන් දැන් A9 තියෙන දරුවොත් ටෙක් කරන්න එන නිසා,පාසලකට ගන්න පුලුවන් උපරිම ලමයි ගනන 80ක් නිසාත් ටිකක් හොද රිසාල්ට් එකක් ඕන ටෙක් කරන්න ...

ලංකාවේ පේරාදෙණිය,මොරටුව  කැම්පස්දෙකේ ඇරෙන්නට අනිත් හැම කැම්පස් එකේම ටෙක් ෆැකල්ටියක් තියෙනවා...කොලඹ,ජපුර,රුහුණු,කැලණි,වයඹ,සබරෙ,ඌව,රජරට,යාපනය,ඔලුවිල්,නැගෙනහිර ඒ අතර ප්‍රධානයි...

මේ හැම ෆැකල්ටියකම මගේ ගෝලයෝ ඉන්නවා...ඒ සමහර දරුවෝ දැනට ජොබ්  Training වල ඉන්නෙ ...

අවුරුදු 4කට පස්සෙ BBST,BET විශේෂවේදී උපාධිය ගන්න පුලුවන්...

ඒ විතරක් නෙවෙයි..University of Voctional Technology රත්මලාන එකටත් යන්න පුලුවන් .....ඒකෙත් ඩිග්‍රිය දෙනවා...

ඒකත් බැරි උනොත් ලන්කාවෙම තියෙනවා University Colleges 6k...

රත්මලාන,කුලියාපිටිය,අනුරාධපුර,යාපනය,මාතර,බටන්ගල. ඒවටත් S 3න් වගේ යන්න පුලුවන් ....

අනිත් එක තමයි ජොබ් මාර්කට් එක...

ටෙක් කරන දරුවෙකුට දෙන්නේ ෆුල් ප්‍රැක්ටිකල් දැනුමක්..ඒ නිසා එයාලා දැනුම අතින් අනෙක් විෂය මාලා හදාරන දරුවන්ට වඩා තාක්ෂණ දැනුම අතින් සන්නද්ධයි...

ටෙක් කරන දරුවන්ට ජොබ් නැහැ කියන්නෙත් පට්ට්ටම පට්ටපල් බොරුවක්...

"හැකියාවට රැකියාවක් වෙනුවට ,රැකියාවට හැකියාවක් " එක් කරන්නයි ටෙක් සබ්ජෙක්ට් එක හදුන්වා දුන්නේ...කොරියාව,ඕස්ට්‍රේලියාව,නවසීලන්ත,යුරෝපයේ හොද ජොබ් මාර්කට් එකක් තියෙනවා ටෙක් වලට...

කිසිම ජොබ් එකක් නැත්නම් තමන්ගෙම ස්වයං රැකියාවක්,බිස්නස් එකක් කරගන්නත් ටෙක් වලදි උගන්නනවා ...

ලංකාවෙන්ම ටෙක් වලින් A/L Exam ලියන්නෙ 15000ක් විතර...ඒකෙන් 3000ක් කැම්පස් ගන්නවා..ඒ කියන්නෙ 5න් එකක්...

ඒ වගේම යුනිවර්සිටි කොලේජ් 6ට තවත් 800ක් විතර ගන්නව....

ඒ නිසා බය නැතුව ටෙක් කරන්න....

O/L ගුරුතුමනි,,ලමයින්ට බය නැතුව ටෙක් කරන්න කියන්න...නිවැරදි තෝරා දීම හේතුවෙන් දරුවන් හැමදා ඔබට ආදරය කරාවි..එහෙම නැතත් ඔවුන් සතුටින් ජීවත් වේවි...

උපුටා ගැනීමකි...

ටෙක් උපාධියෙන් පසු රැකියා අවස්ථා



ටෙක් ඉගෙනීමෙන් පසු උසස් අධ්‍යාපන අවස්ථා 

https://sftisuru.blogspot.com/2022/09/blog-post.html

ටෙක් වල විෂයන් තෝරාගන්නා ආකාරය

1. තාක්ෂණවේදය සදහා විද්‍යාව SFT ( අනිවාර්ය විෂය)

2. ඉංජිනේරු තාක්ෂණය ET හෝ ජෛව පද්ධති තාක්ෂණය BST ( මෙයින් එක් විෂයක්)

3. පහත විෂයන් ගෙන් එක් විෂයක්

  • ආර්ථික විද්‍යාව 
  • ගෘහ ආර්ථික විද්‍යාව
  • සන්නිවේදන මාධ්‍ය අධ්‍යනය
  • චිත්‍ර
  • කෘෂිකර්මය
  • භූ ගෝල විද්‍යාව
  • ඉංග්‍රීසි
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
  • ව්‍යාපාර අධ්‍යනය
  • ගණිතය (සංයුක්ත ගණිතය නොවේ)

🍀 SFT තනි හා කුඩා කණ්ඩායම් පන්ති ( පිළිමතලාව/ පේරාදෙණිය/ ගෙලිඔය / ගම්පොල/කටුගස්තොට) 

Call 0716442802

https://sftisuru.blogspot.com/2021/12/sft-individual-class-kandy.html

Comments

Popular posts from this blog

විභාග ලේසියෙන් සමත් වෙමු