මතකය වර්ධනයට Mind Maps
පොඩි ප්‍රශ්නයක් අහන්නම් මුලින්ම. ඔයාට වැඩිපුර මතක හිටින්නෙ රූපද? එහෙම නැත්නම් අකුරින් ලියපු වගන්තිද? මේ ප්‍රශ්නෙට හැමෝගෙම වගේ උත්තරේ රූප කියන එක. ඒක සාමාන්‍යයි මොකද, අපි පරිණාමිකව හැඩගැහිල තියෙන්නෙ රූප මතක තියාගන්න මිසක් මේ එක එක විදියට ඇඹරිච්ච ඉරි කෑලි වලින් ලියපු හෑලි මතක තියාගන්න නෙවෙයිනෙ.😒
ඒත් අපි අපිට මතක තියාගන්න ඕනි හැමදේම හැමවෙලේම මොළේට දෙන්නෙ මේ අකුරු විදියට. එහෙම නැතුවත් බෑ, මොකද මේ පාඩම් කරන්න තියන හැමදේටම චිත්‍ර අඳින්නත් බෑනෙ.
ඒත් අපිට පුළුවන් අපි notes ගන්න, short notes හදන විදිය ටිකක රූපමය (visual) පැත්තට බරකරල හදන්න. එතකොට මොළේට ඒව මතක තියාගන්න ලේසියි.🧠
මේ ක්‍රමේ හොයාගත්තෙ Tony Buzan කියන කෙනා.
මේ Mind maps වලින් අර කිව්ව වාසිය වගේම, මේක හදද්දි අපි දන්න කරුණු අතර connections හදාගන්න නිසා අපිට පාඩම තවත් හොඳට අවබෝධවෙනව. ඒ වගේම පිටු ගාණක් දිග සටහනක් එක පිටුවකට කෙටි කරල ගන්න නිසා ආයෙ ආයෙ notes බලද්දි ඔයාට ලොකු පහසුවක් වේවි මේ ක්‍රමේ. තව විභාගෙදි mind map එක මතක් කරගත්තම කිසි අඩුවක් නැතිව රචනා ප්‍රශ්න වලට පිළිවලට උත්තර ලියන්නත් ඔයාට පුළුවන්.📝
ඉතින් කොහොමද අපි mind map එකක් හදන්නෙ.
හාෆ් ෂීට් එකක් අරගෙන ඒක හරහට තියාගෙන ඒකෙ මැද තමන් note එක හදන මාතෘකාව ලියන්න. ඊට පස්සෙ ඒ මාතෘකාව යටතෙ එන අනුමාතෘකා ඒ වටේට branches වගේ ලියන්න. (මේක කරන හැටි ගැන අදහසක් ගන්න mind maps කීපයක් original post එකේ comments වල දාල තියනව.) ඊළඟට ඒ අනුමාතෘකා යටතෙ දැනගන්න ඕනි කරුණු වල විශේෂම වචන, අදහස් ටික (key words & key concepts) විතරක් බොහොම කෙටියෙන් ඒකෙ branches විදියට ලියන්න. (මේකෙදි දිගට දිගට notes ලියන්න එපා. අදාළ කරුණ මතක්වෙන්න වචන දෙක තුනක් ලියවුනාම ඇති. ඒක ආයෙ බලද්දි මතක් කරගන්න එක මොළේ වැඩක්.)
අනිත් විශේෂ දේ තමයි පුළුවන් තරම් පොඩි රූප/ පාට ගැළපෙන විදියට පාවිචිචි කරන්න.(මතකනෙ අපේ මොළේ දක්ෂ රූප මතක තියාගන්න.) හැබැයි මේකට ගොඩක් වෙලාව නාස්ති කරන්න එපා. රූප කැත උනාට කමක් නැහැ.🎨
මේ විදියට දිගටම කලාම ඔයාට ඔයාගෙ topic එකට අදාළ කෙටි ඒත් සම්පූර්ණ note එකක් ලැබෙනව.
ආයෙ note එක බලද්දි key words බලල අදාළ කරුණ හරියටම මතක් කරගන්න. මේක ආයෙ ආයෙ පොත් බලන එකට වඩා ගොඩක් effective. මොකද මෙතනදි අපි අපේ මොළේට පුරුදු කරනව ඒ කරුණු මතක් කරන්න, ඒක විභාගෙදි ඔයාට ලොකු පහසුවක් වේවි.🏆
ඉතින් තවත් බලන් ඉන්න එපා. කරන්න ඔයාගෙ මොළේට උදව්වක්. එයාට තේරෙන විදියට notes ගන්න පටන්ගන්න. එයත් අනිවාර්යෙන්ම ඔයාට කළගුණ සලකාවි.
පාඩම් මතක හිටින්න පාඩම් කරන්න ඕනේ කොහොමද ?
මේ හුගක් වෙලාවට තියෙන ලොකු ගැටලුවක්.මේකෙන් කතා කරන්න උත්සහ කරන්නේ එහෙම මතක හිටින්න පාඩම් කරන්න , කරන්න පුලුවන් දේවල් කිහිපයක්.
1. සුදුසම තැන : ඔබට පහසු ඔබ කැමති තැනක් තෝරගන්න.මෙතනදි ඔබ කැමති තැන ඔබට ආස හිතෙන විදියට හදාගන්න.ඉන්න ආස හිතෙන විදියට ඒ තැන හදාගන්න එක තමා වැදගත්ම.ඒකට හේතුව වෙන්නේ ඔබට මේ තැන යම් වේලාවක් රැදී ඉන්න වෙනවා පාඩම් කරන්න.එහෙම උනාම ඔබ කැමති තැනක් පහසු තැනක් උනාම ඔබට රැදී ඉන්න හිතෙනවා.
2. අනවශ්‍ය දේ අයින් කරන්න : ඒ කියන්නෙ ඔබට පරිඝනකයක් තියෙනවානම් ඔබේ ජංගම දුරකථනයේ තියෙන හැම සටහනක්ම පාඩම් කරන්න අවශ්‍ය හැම දෙයක්ම පරිඝනකයට දාන්න.ෆෝන් එක එතනට ගෙනියන්න එපා. ( ෆෝන් එකක් නම් තියෙන්නේ නෝට් වෙන දාන්න පරිඝනකයක් නැත්තම් එයා ප්ලේන් මෝඩ් දාගන්න.හිතට තදින්ම කියන්න මම ෆෝන් එක ඔන් කරන්නේ පාඩම් කරලා ඉවර කලාම කියන එක ) ඒ වගේම ඒ විශයට අවශ්‍ය පොත් පමණක් ලග තියාගෙන අනික් හැම පොතක්ම සටහනක්ම එතනින් ඉවත් කරන්න.ඒ වගේම ඒ පාඩමට අවශ්‍ය පෑන් පැන්සල් ඒ දේවල් ලග තියාගෙන අනික් හැම දේම එතනින් අයින් කරන්න.මේ දේ ඔබේ මනස සංසුන් කරන්න හේතු වෙනවා.
3. දවසේ වැඩ පෙළගස්වන්න : කලින් දවසේ රාත්‍රියේ එහෙම නැත්තම් අදාළ දවසේ අවදි උන ගමන් මේ දවසේ ඉවර කල යුතු පාඩම් කොටස් ලියන්න.මේකේදි ලොකු ලිස්ට් එකක් නොහදා පොඩි සංඛ්‍යාවක් ලියන්න.ඔබට අද දවසේ ඉවර කරන්න පුලුවන් කියල හිතෙන ප්‍රමාණයක් විතරක් ලියන්න.එක දෙක තුන විදියට පහලට ලියාගන්න.හැකිනම් කාල වෙන් කරන්න හැම වැඩේටම.ඒ වැඩේ ඉවර උනාම ඒක ලිස්ට් එකෙන් කපා ඉවත් කරන්න.වැඩ හැම දේම කලාම ඔබට ලොකු තෘප්තියක් දැනෙයි.
4. ආස හිතෙන දෙයින් පටන් ගන්න : ඔබට ආස හිතෙන පාඩමින් , විශයෙන් දවස පටන් ගන්න.හැමදාම එකම දේ කරන්න අපහසුයි ඒ නිසා ඔබ කැමති විශයන් නැත්නම් පාඩම් හැම දවසකටම යොදා ගන්න.උදාහරණයක් ගත්තොත් ඔබේ ආසම විශය ගණිතයනම් හැම දාම ඉස්සේල්ලාම ගණන් හදලා වැඩ පටන් ගන්න.
5. බ්‍රේක්ස් : ඔබට කොයි තරම් වෙලා එකතැන ඉන්න පුලුවන්ද කියලා හිතන්න.ඒ වෙලාවෙන් පස්සේ එතනින් ඉවත් වෙන්න විනාඩි 5 සුලු විවේකයක් අරන් ආපහු එතනටම එන්න.මම පෞද්ගලිකව යෝජනා කරනවා උපරිම විනාඩි 45 ක් රැදෙන්න ඊට පසු විනාඩි 5 10 විවේකයක් ගන්න.මේ විවේකය ගන්න කිසිම මොහොතක එතන රැදී ඉන්න එපා එතනින් ඉවත් වෙන්න.මේ පුංචි බ්‍රේක්ස් අතර එක වෙලාවක හරි පරිසරය විදින්න , සිංදුවක් දෙකක් රස විදින්න , ගෙදර අය එක්ක පොඩි මනස සැහැල්ලු වෙන විදියට කතා කරන්න , සුරතලෙක් ඉන්නවනම් සුරතල් කරන්න.මේ බ්‍රේක් එකේ පාඩම් ගැනනම් හිතන්නවත් එපා.ෆෝන් එකත් භාවිතා නොකර ඉන්නවනම් හොදයි.
ඔබ මුලින්ම පුංචි කාලයක් පාඩම් කරන්න ටිකෙන් ටික කාලය වැඩි කරන්න.
6. ඉවත් වෙන්න : ඔබ කොයි තරම් වෙලා රැදී ඉන්න උත්සහ කලත් හිත එක තැනකට ගන්නම බැරි නම් එතනින් නැගිටලා යන්න.මනස නිදහස් උනාම ආයෙම යන්න.වෙලාවක් තියාගත්තට සමහර දවසට ඔබට එක දිගට කරන්නම බෑ හිතෙන්න පුලුවන් එහෙම උනාම එතනින් ඉවත් වෙන්න.
7. ආසාව : ඔබ පාඩම් කියවන්න කලින් ඒ ගැන ආසාවක් ඇති කරගන්න.ඔබට දැන් පුලුවන් youtube එකේ ඒ පාඩමේ දේවල් කලින් අහන්න ආස හිතෙන විදියට ඔලුවට දාගන්න.පොඩ්කාස්ට් වලට ඇහුම් කන් දෙන්න.මේකෙන් කලින් ඔබට මේ පාඩම් ගැන ආසාවක් උනන්දුවක් ඇති කරගන්න පුලුවන්.
8. හිත පුහුණු කරන්න : මේකෙදි වෙන්නේ හිත එල තැන තියාගන්න පුහුණු කරන එක.භාවනා කරන්න පුලුවන් , සිංදු අහන්න පුලුවන්.සිංදු අහද්දි ඒ සිංදුවේ පද නැත්තම් සංගීතය අහන් ඉන්න පුරුදු වෙන්න.සිංදු අහන ගමන් චැට් කරන්න ෆෝන් බලන්න එපා සිංදුව අහන්න.කා එක්ක හරි කතා කරන්න.එහෙම කතා කරද්දි කතා කරන එක කරන්න වෙන වැඩ කරන්න එපා.මෙහෙම එදිනෙදා වැඩ වලදි ඒ වැඩේට අවධානය දෙන්න පුරුදු වෙන්න.හිත පුහුණු වෙයි ඒ යමකට අවධානය තියාගන්න.
🖋️ ශ්‍රී පාරමි රාජපක්ෂ
Mphil in Psychology (Reading)
BA (Hons) in Psychology
N.Dip in Counselling
පාඩම් කරන්න පුලුවන් ඒත් පාඩම මගක් කරද්දි නිදිමත එනවනේ.
මමනම් පොත උඩම හීන දකිනවා අම්මා කතා කලාම තමා දන්නේ ඒ දැක්කේ හීනයක් කියලා.
මේක ඔබටත් තියෙන ගැටලුවක් ද? නින්ද යන එක පාඩම් අතරමගදි.බොහෝ විට අපි හැමෝටම පොදු ගැටලුවක් තමා මේ නින්ද එන එක.මේ කියන්න හදන්නේ නිදිමත නැතිව ෆ්‍රෙශ් එකේ පාඩම් කරන්න පුංචි කරුණු කිහිපයක්.
1/ අපේ මොලය ටිකක් කලුවර උනාම නිදාගන්න උත්සහ කරනවා.මේකට හේතු තියෙනවා.අදුර වැටෙනවත් එක්ක මෙලටොනින් ශ්‍රාවය වෙන්න පටන් ගන්නවා මොලයෙන් ඒ ශ්‍රාවයෙන් නිදිමත ඇතිවෙනවා.මේ නිසා තමා කියන්නේ අදුරු තැන් වල පාඩම් කරන්න එපා කියන්නේ.එහෙම උනාම මොලය නින්දකට උත්සහ කරනවා.ඒ නිසා ඔබ පාඩම් කරන්න යොදා ගන්න තැන ලොකු එලියක් තියෙන තැනක් විය යුතුයි.දවල් වෙලාවටත් ලයිට් දාන් පාඩම් කරන්න එපා ස්වාභාවික එලිය එන්න ඔබේ පාඩම් මේසය සූදානම් කරගන්න.
2/ බර ආහාර ගතපු ගමන් පාඩම් කරන්න එපා.ඒකට හේතුව අපි බර ආහාරයක් ගත්තාම මොලයට සපයන ලේ ගමනාගමනය අඩු වෙනවා මේ හේතුවෙන් පුංචි නිදිමත ස්වාභාවයක් පැමිණෙනවා.ඒ නිසා බර ආහාරයකින් පසුව මද වෙලාවක් පොත් මේසය ලගට නොයා ඉන්න.ටිකක් නිදහස් වෙලාවක් ගත කරලා නැවත පාඩම් කරන්න.එහෙමත් නැත්තම් පොඩි ආහාරයක් අරන් පාඩම් කරන්න.එක දිගට ලොකු වේලවක් පාඩම් කරන අවස්තාවලදි පුංචි පළතුරක් වගේ දෙයක් කෑමට ගන්න.
3/ වතුර බොන්න.මේකෙන් ගතට නව ප්‍රබෝධයක් ලැබෙනවා.නමුත් වතුර බෝතලයක් ඔබ පාඩම් කරන තැන තියාගන්න එපා.ඒ වෙනුවට ශීතකරණයේ හෝ මුළුතැන්ගෙයි වතුර තියන්න.පාඩම ටිකකට නවත්තලා නැගිටලා ගිහින් වතුර බොන්න.අවශ්‍යනම් මූණ ටිකක් සීතල වතුරින් සෝදන් එන්න.මේක නිතරම කරන්න අවශ්‍ය නෑ නමුත් ඉද හිට කරන්න.
4/ පාඩම් කරන්න ඇද භාවිතා කරන්න එපා.මොකද ඒක මොලයට ඇත්තටම වදයක්.ඒ වෙනුවට මේසය හෝ වෙනත් තැනක් ඔබ ආස විදියට තියාගන්න.පාඩම් කරන්න පුටුවේ කෙලින් හරි ඉරියව්වෙන් වාඩි වෙන්න.එය ඔබව ප්‍රබෝධයෙන් තියයි.
5/ පාඩම් කරන ඉරියව්ව වෙනස් කරන්න පුලුවන්නම්.උදාහරණයක් ගත්තොත් වාඩි වෙලාම පාඩම් කරනවා වෙනුවට ටිකක් ඇවිද ඇවිද පාඩම් කරන්න.එහෙම නැත්තම් හඩ නගා කියවන්න.මේ විදියට ඉරියව් හෝ ක්‍රමය මාරු කරන්න උත්සහ කරන්න.
6/ පාඩම් අතරමැද පුංචි විවේකයක් ගන්න.(විවේකය පිළිබදව කලින් කතා කළා ඒ නිසා නැවත වෙලාව බෙදා ගන්න එක කතා කරන්නේ නෑ.)මේ විවේකයේදි පාඩම් කරන තැන රැදී ඉන්න එපා.
7/ කැෆේන් වර්ග වැඩිපුර භාවිතා කරන්නත් එපා දවසට දෙවරක් තුන්වරක් ප්‍රශ්නයක් නැහැ.
8/ උදේ කාලයේදි න්‍යාය තියෙන පාඩම් පාඩම් කරන්න සහ අමාරු පාඩම් උදේ කාලයේ කරන්න.ලෙහෙසි ඔබ ආස සහ ප්‍රායෝගික පාඩම් රාත්‍රියට කරන්න.
9/ අනිවාර්යයෙන්ම හොද සැහැල්ලු නින්දක් ලබා ගන්න.මේ පැය දහය දොළහක නින්දක් නෙමේ පැය හයක හතක සුවදායි නින්දක්.නින්ද අවශ්‍යයි හොද මතකයකට.
ඔබට ජය !
🖋️ ශ්‍රී පාරමි රාජපක්ෂ
Mphil in Psychology (Reading)
BA (Hons) in Psychology
N.Dip in Counselling
Overthinking 😇
ඔයත් නිතරම එකම දේ අනවශ්‍ය විදියට හිත හිතා කාලෙ නාස්ති කරනවද.කිසිම ප්‍රයෝජනයක් නොවෙන දේවල් හිත හිත ඉන්නවද...අන්න ඒ වගේ තත්වයක් තියෙනව නම් ඒකට තමා අපි overthinking කියන්නෙ 😇 ...
එතකොට මේකට විසදුම මොකක්ද ....🙄
හරිම සරලයි....මෙච්චර කාලයක් තිස්සේ ඔයා කිසිම වාසියක් නැතුව ඔහේ හිතපු දේවල් වෙනුවට ඔයා වාසියක් ලැබෙන විදියට හිතන්න පටන් ගන්න......😇
ඒ මෙහෙමයි ......👉
ඔක්කොම වැඩ නවත්තලා ගන්න කොලයක් , අරන් ලියන්න පටන් ගන්න,ඔයාට නිතරම හිතී හිතී කරදර කරන ඒ දේ ගැන......ඇති තරම් ලියන්න....අත රිදෙනකම් ලියන්න......🤓
ඊටපස්සෙ ඔයාට ඒ ප්‍රශ්නෙ වෙනුවෙන් කරන්න පුලුවන් දේවල් තියෙනව නම් ඒවත් ලියන්න...
ඔන්න දැන් ඔයා ඒ ප්‍රශ්නෙ විසඳලා ඉවරයි....ඔයාට තවත් ඒ ගැන මොකුත් හිතෙන්න දෙයක් තියේද ? නෑනෙ නෑනෙ 🤭 ඇයි ඔයා ඔක්කොම කොලේ ලිවුවනෙ.......
දැන් ඉතින් තියෙන්නෙ ආයෙත් ඔයාගෙ වැඩ පටන් අරන් කරගෙන යන එක......
ඔන්න ඔය විදියට දිගටම කරල බලන්න.අනිවාර්යයෙන්ම ඔයාගෙ overthinking ප්‍රශ්නෙ විසඳෙයි....😇
✍ by ᗰᖇTᕼIᑎKIᑎG 🌸
#ᗰᖇTᕼIᑎKIᑎG
අවධානය තබා ගන්නේ කෙසේද?
අවධානය කියන්නේ හැම කෙනෙක්ටම ඉතාම වැදගත් දෙයක්. ඔනෑම වැඩක් කිරීමේදි හරියට අවධානය ලබා දී ඒ වැඩේ නිරත වීම තුළින් ඔබ අතින් විය හැකි වැරදි වැඩි ප්‍රමාණයක් අවම කරගත හැකි. එමෙන්ම එම ක්‍රියාකාරකම සාර්ථකව නිම කර ගැනීමටද අවධානය ඉතාම වැදගත් වේ. නමුත් බොහෝ අයට ඇති ගැටලුවක් නම් අවධානය එක් තැනක තබා ගැනීමට ඇති අපහසුවයි. මේ ලිපියෙන් ඔබට ඔබේ අවධානය එක තැනක තබා ගෙන ඔනෑම වැඩක් කිරීමට හැකි වන සුලු ක්‍රමයක් දක්වන්නම්. ඒ නම් POMODORO TECHNIQUE.
මෙය Fransessco Cirillo නම් ඉතාලි ජාතික සිසුවෙක් හදුන්වා දෙන ලදි. ඉතාලි භාෂාවෙන් Pomodoro නම් තක්කාලි යන තේරුමයි. මෙහි පියවර 5ක් ඇත.
1) ක්‍රියාකාරකම තෝරා ගැනීම
මෙහිදි ඔබ සිදු කිරීමට යන ක්‍රියාකාරකම නැතිනම් වැඩේ තෝරා ගත යුතුය. ඔබ මෙම ක්‍රමය පාඩම් කිරීමට භාවිතා කරනවානම් මා ඔබට යෝජනා කරන්නේ බොහෝ කම්මැලි ඔබ අකමැති විශයන් උදේ හෝ දවල් කාලයට යොදා ගන්න. රාත්‍රිය ඔබේ ප්‍රියතම විශයන් වලට යොදවන්න. ඔබ මෙය රැකියාවේදි භාවිතා කරනවානම් ඔබට ඉක්මනින් බාර දිය යුතු හෝ අවසන් කළ යුතු ක්‍රියාවෙන්ම ආරම්භ කරන්න. වැදගත්ම දෙය නම් එක් ක්‍රියාකාරකමක් එක් අවස්තාවකදි තෝරා ගන්න.
2) ඔබේ අවධානය බිදින සියල්ලෙන් ඈත් වන්න.
ඔබගේ අවධානය බිදින සියලු දෙය මද වේලාවකට ඈත් කරන්න. විශේෂයෙන් දුරකථනය, සමාජ මාධ්‍ය, බාහිර ශබ්ද මේ හැම දෙයකින්ම ඈත් වන්න. ඔබ ඔබට වැඩ කිරීමට පහසුම ස්තානය තෝරා ගන්න. ඔබගේ වටාපිටාවේ ඉන්න අයට ඔබ යම් අවධනයකින් වැඩක් කිරීමට යන බව දැනුම් දෙන්න. හැකිනම් සමාජ මාධ්‍ය block කරන app එකක් භාවිතා කරන්න.
3) විනාඩි 25
මේ ක්‍රමයට අනූව ඔබ ක්‍රියාකාරකම සිදු කල යුත්තේ විනාඩි 25 බැගිනි. එනම් ඔබ විනාඩි 25ට වේලාව තබාගන්න. ඒ විනාඩි 25 ඇතුලත එම ක්‍රියාව පමණක් කරන්න. වෙනත් බාහිර වැඩ පසුවට කල් තබන්න.
4) විනාඩි 5
ඒ විනාඩි 25 න් පසුව විනාඩි 5ක විවේකයක් ගන්න. මේ විවේකය ගන්නා වෙලාවෙදි විනාඩි 5 වඩා යන ක්‍රියාවල නිරත වන්න එපා. වැඩ කරන තැනින් ඉවත්ව කෙටි විවේකයක් ගන්න. හොද හුස්මක් ගන්න. වතුර වීදුරුවක් බොන්න. පොඩි සංගීතයක් අහන්න. විනාඩි 5 ඉවර වූ පසු නැවත විනාඩි ඊළඟ විනාඩි 25ට යොමුවන්න.
5) දිගු විවේකය
මෙවැනි pomodoro ( විනාඩි 25 කොටස්) හතරක් ගිය පසු විනාඩි 20 විවේකයක් ගන්න. ඒ විවේකය තුළ ඔබ කැමති සිංදුවක් අහන්න. මනස නැවත ප්‍රබෝධමත් වන ක්‍රියාකාරකමක නිරත වන්න. ඊළඟ විනාඩි 25 එම ක්‍රියාවට සම්පූර්ණ අවධානය ලබා දිය හැකිවන ලෙස මනස සැහැල්ලු කර ගන්න. මේ විනාඩි 20 ඇතුලත ඔබගේ ක්‍රියාකාරකමේ කිසිම දෙයක් නැත්තම් කලින් කළ වැඩේ ගැන සිතන එක නවත්වන්න. මනස හැකිතරම් සැහැල්ලු කරගන්න.දැන් විනාඩි 20 අවසානයේ නැවත වැඩ කරන්න.
මේ ක්‍රමය දිගින් දිගටම පුහුණු කිරීම තුළින් කාර්යක්ෂමව සහ මනා අවධානයකින් ඕනෑම වැඩක් කිරීමට හැකි වේ.
🖋️ ශ්‍රී පාරමි රාජපක්ෂ
Lecturer Psychology
හිතේ හීන වලට පන දෙන්න....💪
උඹටත් ඕනිද හොදම රිසාල්ටි එකකින් Exam පාස් වෙන්න 👊
එහෙනම් ,ඒ හීනේ වෙනුවෙන් රෑ 🌇 දවල් 🌞 නැතිව කැප වෙන්න වෙනවා බන්.. නැත්නම්, ඒ හීන හීන විතරක්ම වෙයි..
දැන්වත් ඉතින් වැඩ කරන්න පටන් ගනින්.🌼
උඹට පහු බහින්න, පස්සට යන්න, ගියවුන් වෙනුවෙන් අඩන්න වෙලාවක් තියනවා ද බන්..⁉
නෑ බන් නෑ කොහෙත්ම වෙලාවක් තියෙන්න විදිහක් නෑ.😅😅
කවදහරි දවසක ජීවිතේ විදිනවද විදවනවද කියලා තීරණය කරන්න ඕනි උඹමයි....🙋🙋
ටාගට් එකක් තියගනින්.... ☺☺
වැරදුණු දවසට කවුරුත් නෑ 😢😢😢
අම්මා තාත්තා විතරයි....👪👪
ආස නැද්ද බන් ,සමාජයේ පිළිගත් මනුස්සයෙක් වෙන්න ?
දැන්වත් පාඩමි කරන්න පටන් ගනින්...👊👊 උඩ තාමත් පරක්කු නෑ .හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ ... 😊
සිංහයා දඩයම අල්ලන්න කියලා හීන බල බලා ඉන්නෑ. කොහොම හරි මහන්සි වෙලා දඩයම කරගන්නවාමයි...
ඉතින් බන් ඇයි උඹට බැරි...?? 😦😦
ජීවිතේ යථාර්ථය තේරැමි ගනින්...අමිමා තාත්තාගේ හිතේ තියන ලස්සන හීන හැබෑ කරපන්....ඒ මුණු වලට හිනාවක් ගෙනෙන්....🙍🙍
උඹට පුලුවන්...අත්හරිනෙපා
හැම තත්පරයක්ම තමන්ගේ හීනෙන් වැඩ කරපන්
උඹට බෑ කියපු අයට 😠,උඹව වට්ටන්න හදපු අයට පෙන්නපන්...උඹටත් පුලුවන් කියලා..👀
ජීවිතේ ජයගනින්....හීනේ වෙනුවෙන්ම වැඩ කරපන් බෑ කියන වචනේ හිතින් අයින් කරපන්..💪💪කවදාවත් වරදින්නෑ...
ජීවිතේ සාර්ථක වුන ගොඩක් මිනිස්සුන්ගේ ජීවිත කතාව සුන්දර නෑ.ඒක මතක තියාගනින්. .🌷🌷
පාඩමි කරපන් 📃 ...උඹට බැරි නෑ...😇
නිතරම හිතපන් මට පූලුවන් කියලා...💪💪
ඉගෙන ගත්ත දෙයක් විතරයි බන් කවදහරි ඉතුරැ වෙන්නෙ.
නිකම්ම නිකං නියමයක් වගේ ලෝකෙට බරක් වෙන්නපා බන්...
ඉපදුන විදිහටම මැරෙන්න හදන්නෙපා. . 😡ලෝකට වැඩක් ඇති මනුස්සයෙක් වෙයන්...
ඒ නිසා දැන්වත් පාඩමි කරන්න පටන් ගනින්...📄
උඹට පුලුවන්...🎉
පුලුවන්....🎉
වටින හීන කොහොමත් කටුකයි. හැබැයි ඒ හීන හැබෑ වුණාම
ලස්සන කරනවා මුලු ජීවිතේම....💭💭
☺☺☺
තව ලොකු දුරක් යන්න තියනවා.., 🎲🎲
ජීවිතේ ජයගනින්....📚📚
#Motivation_Sinhala
පාඩම් කරන්න කම්මැලි වගෙද???
😇 එහෙනම් මේ tips ටික පාවිච්චි කරලා බලන්නකො.....🤝
01) ඔයාගෙ main target එක මොකක්ද ? 🎯
👉 ඔයා ඕලෙවල් ලියන කෙනෙක් නම් මේ වෙද්ද ඔයාගෙ ප්‍රධාන ඉලක්කය වෙන්න ඕනේ A-9 ක් ගන්නෙක.....🖐️
👉 මුලින්ම ඒ ඔයාගේ ටාගට් එක නිතරම ඔයාට පේන ඔයා බලන්න තැන් වල මේසෙ ඉස්සරහ වගේ ගහගන්න ඕනි
👉 උදාහරණයක් විදියට කිව්වොත් (මම A-9 ක් ගන්නවාමයි)
👉 නිතර නිතර දකිද්දී ඒක ඉබේ ම ඒක ඔයාගේ මනසට කාවැදෙනවා.....ටාගට් එක දකින වාරයක් ගානෙ ඔයා ඉබේටම මෝටිවේට් වේවි......🙌
02) දවස්පතා, සතිපතා, මාස්පතා ඉලක්කයක්.....🎯
👉 ඕනම දෙයක් සාර්ථකව අවසන් කරන්න හොඳ සැලැස්මක් ඕනි. අන්න ඒ නිසා පාඩම් කරන්න පටන් ගන්න කලින් සැලැස්මක් හදා ගන්න ඕනේ..... 🖐️
ඒක කරන්නේ කොහොමද?
👉 මුලින්ම ඔයා විභාගයට තියෙන දවස් ගානයි පාඩම් ගානයි කොලේක ලියාගන්න
👉 ඒ පාඩම් වලට ගතවෙන කාලය බලලා ඔයා අද දවස ඉවර වෙද්දි කොච්චර පාඩම් කරන්න ඕනෙද, මේ සතිය ඉවර වෙද්දි කොච්චර පාඩම් කරන්න ඕනෙද, මේ මාසේ ඉවර වෙද්දි ඔයා කොතනද ඉන්න ඕන...... අන්න ඒ විදිහට සැලැස්මක් හදා ගන්න.....🖐️ හදලා ඒකත් නිතර ඔයා බලන තැනකින් එල්ලගන්න...... ඒ වගේම දවස ඉවර වෙද්දි ඔයා සාර්ථකව එදා වැඩ කොටස ඉවර කලානම් පොඩි ඉරකින් කපලා දාන්න....🖐️
👉 දවසින් දවස කපපු කොටස් වැඩි වෙද්දි ඔයාට ඔයා ගැනම පුංචි ආඩම්බරයක් ඇති වේවි.....🖐️
👉 සැලැස්මකට අනූව වැඩ කරන නිසා අන්තිම මොහොතේ වැඩ ගොඩ ගැහෙන්නෙ නැතුව පීඩනයක් නැතුවම විභාගයට මුහුණ දෙන්න පුලුවන් වේවි....🖐️
👉 ඒ වගේම ඔයාට දවසකට කොච්චර කොටසක් ඉවර කරන්න ඕනිද කියල ඔයා දන්න නිසා ඔයා කම්මැලි වෙන එක අඩු කරගන්නත්, නිකරුණේ කාලය නාස්ති කරනෙක අඩු කරගන්නත් පුළුවන් වේවි....🖐️
👉 ඒ වගේම මේසෙ ලගින් විභාගයට තියන දින ගානත් සටහන් කරගන්න.....🖐️ අනේ අද නම් වැඩ කරන්න බැහැ, දැන්නම් කම්මැලි කියල හිතුන වෙලාවක ඒක දැක්කම කම්මැලිකම ඉබේම අතුරුදන් වේවි....🖐️
03) ගැලපෙන වෙලාවට ගැලපෙන වැඩ කිරීම.... 🎯
👉 උදේ නැගිටපු ගමන් ලොකු fresh ගතියක් දැනෙන නිසා පාඩම් කරන්න තියෙන විෂයයන් ඒ වෙලාවට යොදාගන්න....🖐
👉 ඒ වගේම ටිකක් නිදිමත ගතියක් දැනෙන දවල්ට ගණන් හදන්න වගේ ගොඩක් කල්පනා කරන්න තියෙන විෂයයන් යොදාගන්න.....🖐
04) ආතතිය 🎯
👉විභාග වලට මුහුණ දෙන ළමයි ගොඩක් කියන කතාවක්.....🖐️ ඒකට හේතුව නිසි සැලැස්මක් නැතුව වැඩ කිරීම....🖐️
තමන් ගැන අවතක්සේරු කිරීම....🖐
ඒ වගේම එයාලා ගොඩක් එක දිගට පාඩම් කරන්න යන එකත් ඒකට හේතුවක්....🖐️
දන්නවද පැයකට වඩා එක දිගට පාඩම් කරන්න හොඳ නැහැ..... මොකද එක පාර කරුණු ගොඩක් මොලයට තැන්පත් කරලා තබා ගන්න ටිකක් අමාරුයි.
අන්න ඒ නිසා පාඩම් කරලා විනාඩි 15ක් විතර ඔයා නිදහසේ ඉන්න, ඇවිදින්න යන්න, භාවනා කරන්න, සෙල්ලමක් කරන්න ඔයාට පුලුවන්.....🖐️
ඒත් ඒ වෙනුවෙන් tv, ෆෝන් , ලැප්ටොප් නම් පාවිච්චි කරන්න එපා.....🖐️
ඔයාට කරන්නම දෙයක් නැත්නම් නිදාගන්න.....🖐️
නිදා ගද්දි පාඩම් කරපු දේවල් මතකයේ තැන්පත් වනවා කියලා හොයාගෙනත් තියෙනවා....🖐️
ඒ වගේම ටිකක් නිදාගෙන නැගිට්ටම කම්මැලි ගතිය ගිහිල්ලා fresh බවක් දැනෙන්න පටන් ගන්නවා....🖐️
ඒක නැවත පාඩම් කරන්න පටන්ගන්නත් උදව්වක් වේවි....🖐️
👉 ඔයා පාඩම් කරද්දී හයියෙන් කියවන්න....🖐️
මහ හයියෙන් නෙමේ තමන්ට ඇහෙන ප්‍රමාණයට කියවන්න......🖐️
නිහඬව පාඩම් කරද්දි ඔයාගේ ඇස්දෙක විතරක් ඒ සඳහා භාවිතා වෙනවා උනත් කියව කියව පාඩම් කරද්දී අපේ ඇස් කට වගේම කන් දෙකත් ඒකට සම්බන්ධ වෙන නිසා ඒ දේවල් මතකයේ තැන්පත් වෙන ප්‍රමාණය වැඩියි....🖐️
ඒ වගේම ඔයා යම් යම් අංග චලන අදාල කොටසට ගැලපෙන විදිහට කළොත් ඒක මතකයේ තැන්පත් වන ප්‍රමාණය තවත් වැඩි වෙනවා විතරක් නෙමෙයි ඒකෙන් කරුණු නැවත මතක් කරගන්න ලේසි වේවි....🖐️
👉 පාඩම් කරද්දි ඒකට අදාලව පුංචි කතාවක් එහෙමත් නැත්තම් චිත්‍රයක් ගොඩනඟන්න....🖐️ ඒකත් ඔයාට ඒ කරුණු නැවත මතක් කරගැනීමේදී උදව්වක් වේවි....🖐️
👉 යම් කොටසක් පාඩම් කරලා ඉවර නම් ඒ කොටස මතකෙන් පොඩි shortnote එකක් ගහන්න....🖐️
ඒ වගේම ඒ කොටසට අදාලව තියෙන ප්‍රශ්න කොටස් කරන්න....🖐️
ඒකෙන් ඔයාට විභාග ශාලාවෙදි ප්‍රශ්නයකට සාර්ථකව උත්තර ලියන්න අනිවාර්යෙන්ම ලොකු උදව්වක් වේවි....🖐️
🎯 අද ඉදන් පාඩම් කරද්දි මේ tips ටිකත් පාවිච්චි කරලා බලන්න.....🖐️ ඒවා අනිවාර්යයෙන් උදව්වක් වේවි කියලා මං හිතනවා.....🤝
🎯 ඉතින්.....
🎯 බලන් ඉන්නෙපා වැඩ කරන්න පටන් ගන්න....🖐️
👩🎓👨🎓 වැදගත් වෙන්නෙ අද ඔයා ඉන්න තැන නෙමෙයි ඔයා අනාගතයේ කවුද වෙන්නෙ කියන එක....👩🔬👨🔬
ඉතිං පටන් ගන්න.....💪
ඔයාට තව ලොකු දුරක් යන්න තියෙනවා.....🌟
✍️ by: Nїruu







Comments
Post a Comment