උසස් පෙළ විභාගෙ පෞද්ගලික අයදුම්කරුවන්ට අයදුම්පත් යොමු කරන්න මේ දවස්වල අවස්ථාව ලබා දීල තියෙනව.ඉතින් එහෙම අයදුම් කරද්දි ඔයාලට එන පොදු ගැටලු කීපෙකට විසඳුම් අරගෙන තමා මේ ලිපිය ලියන්න හිතුවෙ.අපි බලමු ඔයාලට පෞද්ගලික අයදුම්කරුවෙක් විදිහට විභාගය ඉල්ලද්දි එන ගැටලු මොනවද කියල , 1.ප්‍රයිවට් ඇඩ්මිෂන් දාද්දි ඉස්කෝලෙන් අස්වෙන්න ඕනෙද ? ප්‍රයිවට් ඒලෙවල් දානවනම් ඇප්ලිකේෂන් එක දාන දවසට කලින් ඔයාල පාසලෙන් අස්වීම අරගෙන තියාගන්න එක හොඳයි.එයාල කියන්නෙ "රජයේ පාසලක ඉගෙන ගනිමින්ම පෞද්ගලික අයදුම්කරුවෙකු ලෙස අයදුම් කිරීම හෝ පෙනී සිටීම සපුරා තහනම් වේ." 2.පළවෙනි පාර ප්‍රයිවට් ලියන්න පුලුවන් ද ? ඔව්.ඔයාට පළවෙනි පාරම උනත් පෞද්ගලික අයදුම්කරුවෙක් විදිහට විභාගෙ ලියන්න පුලුවන්.පළවෙනි පාර ප්‍රයිවට් ලියලත් කැම්පස් යන්නත් පුලුවන්. 3.පළවෙනි පාර ලියපු විෂයන් නැතිව වෙන විෂයන් වලින් දෙවෙනි පාර ලියන්න පුලුවන් ද ? ඔව්.ඔයාල පළවෙනි පාර මැත්ස් කරල දෙවෙනි පාර ආර්ට් වලින් උනත් ලියන්න පුලුවන්.ඒකෙ කිසිම ගැටලුවක් නැහැ.ඒ ලියලත් කැම්පස් යන්න පුලුවන් ශයි තුනක් ඇතුළෙදි නම්. 4.3rd shy එක skip කරල ඊළඟ ශයි එකෙන් කැම්පස් යන්න බැරිද...