Skip to main content

උසස් පෙළ පෞද්ගලිකව ඉල්ලුම් කිරීම / AL private applying process

 


උසස් පෙළ විභාගෙ පෞද්ගලික අයදුම්කරුවන්ට අයදුම්පත් යොමු කරන්න මේ දවස්වල අවස්ථාව ලබා දීල තියෙනව.ඉතින් එහෙම අයදුම් කරද්දි ඔයාලට එන පොදු ගැටලු කීපෙකට විසඳුම් අරගෙන තමා මේ ලිපිය ලියන්න හිතුවෙ.අපි බලමු ඔයාලට පෞද්ගලික අයදුම්කරුවෙක් විදිහට විභාගය ඉල්ලද්දි එන ගැටලු මොනවද කියල , 


1.ප්‍රයිවට් ඇඩ්මිෂන් දාද්දි ඉස්කෝලෙන් අස්වෙන්න ඕනෙද ?


ප්‍රයිවට් ඒලෙවල් දානවනම් ඇප්ලිකේෂන් එක දාන දවසට කලින් ඔයාල පාසලෙන් අස්වීම අරගෙන තියාගන්න එක හොඳයි.එයාල කියන්නෙ "රජයේ පාසලක ඉගෙන ගනිමින්ම පෞද්ගලික අයදුම්කරුවෙකු ලෙස අයදුම් කිරීම හෝ පෙනී සිටීම සපුරා තහනම් වේ."


2.පළවෙනි පාර ප්‍රයිවට් ලියන්න පුලුවන් ද ?


ඔව්.ඔයාට පළවෙනි පාරම උනත් පෞද්ගලික අයදුම්කරුවෙක් විදිහට විභාගෙ ලියන්න පුලුවන්.පළවෙනි පාර ප්‍රයිවට් ලියලත් කැම්පස් යන්නත් පුලුවන්.


3.පළවෙනි පාර ලියපු විෂයන් නැතිව වෙන විෂයන් වලින් දෙවෙනි පාර ලියන්න පුලුවන් ද ?


ඔව්.ඔයාල පළවෙනි පාර මැත්ස් කරල දෙවෙනි පාර ආර්ට් වලින් උනත් ලියන්න පුලුවන්.ඒකෙ කිසිම ගැටලුවක් නැහැ.ඒ ලියලත් කැම්පස් යන්න පුලුවන් ශයි තුනක් ඇතුළෙදි නම්.


4.3rd shy එක skip කරල ඊළඟ ශයි එකෙන් කැම්පස් යන්න බැරිද ?


ඔයා විභාගෙ එක විෂයකට හරි වාඩි වුණානම් විතරයි ඒක ශයි එකක් විදිහට ගන්නෙ.ඇඩ්මිෂන් දැම්මට ඔයා එක විෂයක්වත් ලිව්වෙ නැත්තම් ඒක ශයි එකක් වෙන්නෙ නෑ.ඒක නිසා ශයි ස්කිප් කරල උනත් කැම්පස් යන්න පුලුවන්


5.හතරවෙනි පාරක් කරල කැම්පස් යන්න බැරිද ?


ඔයා තුන් පාරක් විභාගෙ ලිව්වනම් ඔයාට රාජ්‍ය විශ්ව විද්‍යාලයක නොමිලේ ලැබෙන පාඨමාලා කරන්න ලැබෙන අවස්ථාව එතනින් ඉවර වෙනව.ඒක නිසා හතරවෙනි පාරකින් රාජ්‍ය විශ්වවිද්‍යාලයක නොමිලේ පාඨමාලා කරන්න බෑ.

.


6.ප්‍රයිවට් විභාගෙ ලිව්වොත් කැම්පස් යන්න පුලුවන් පළවෙනි ශයි එකෙන් විතරද ?


එහෙම එකක් නෑ.ප්‍රයිවට් කළත් තුන්වෙනි පාරක් වෙනකන් විභාගෙ කරල කැම්පස් යන්න පුලුවන්.


7.විභාගෙ දැම්මනම් ශයි එක ස්කිප් කරන්නෙ කොහොමද ?


ඔයා විභාගෙ දාල මොනම හරි හේතුවකට ලියන්නෙ නැතුව ශයි එක ඉතුරු කර ගන්න ඕන නම්,කිසිම විෂයකට වාඩි වෙන්න එපා.ඇඩ්මිෂන් එක පරිස්සම් කරල තියාගන්න විභාගෙ ලිව්වෙ නෑ කියල ඔප්පු කරන්න වුණොත්.මෙඩිකල් එහෙම ඕන නෑ.


8.ඉස්කෝලෙන් ලියන අය ආයෙ ඔන්ලයින් දාන්න ඕනෙද ?


නෑ.ඔයාල ඉස්කෝලෙන් ඉල්ලනවනම් ආයෙ ඔන්ලයින් ඇප්ලිකේෂන් පුරවන්න එපා.ඒක ප්‍රයිවට් විභාගෙ ලියන අයට විතරයි.


9.සෙකන්ඩ් ශයි නම් ප්‍රයිවට් ද ලියන්න ඕනෙ


එහෙම එකක් නෑ.දෙවෙනි වතාවට විභාගෙ ඉස්කෝලෙන්ම දාන්න දෙනව.ඒක නිසා සෙකන්ඩ් ශයි කෙනෙක්ට ඉස්කෝලෙන්ම උනත් ලියන්න පුලුවන් විභාගෙ.


ඉතින් ඔයාට පෞද්ගලික අයදුම්කරුවෙක් විදිහට විභාගෙ අයදුම් කරනකොට ආපු ගැටලු වලට උත්තර ලැබෙන්න ඇති කියල හිතනව.

Comments

Popular posts from this blog

විභාග ලේසියෙන් සමත් වෙමු