z-core එක කියන්නෙ මොකක්ද කියන එක. Z අගය ඒ ඒ විෂයට වෙන වෙනම දෙන එකක්.පස්සේ විෂයන් තුනට ගත්ත z score අගයන් තුන එකතු කරල තමයි ඔයාලට අවසන් Z අගය පිරිනමන්නේ. මෙකෙන් තමයි ඔයා campus යනවද නැද්ද කියන එක තීරනය කෙරෙන්නේ. campus එකේ පවත්වන ඒ ඒ පාඨමාලාව විසින් ඒ ඒ අවුරුද්දෙ එයට සිසුන් තෝරා ගැනීම සදහා z අගයක් නිකුත් කරනවා. ඉතින් ඒ පාඨමාලාවලට අපිට සුදුසුකම් ලබන්න ඕන්නං ඒ නිකුත් කරලා තියන z අගයට වඩා z අගයක් අපට ගන්න වෙනවා. ඉතින් මේ z අගය සංඛ්‍යාත්මක ගනනය කිරීමක්. එකෙදි පහත සාධක සලකල බලනවා. 👉අදාළ වර්ෂයේ අදාල විශය සදහා සිසුන් ලබා ගත් අමු ලකුණු 👉අදාළ වර්ෂයේ අදාල විශය සදහා වූ ලකුණු ව්‍යාප්තිය 👉අදාළ වර්ෂයේ අදාල විශය සදහා වූ සම්මත අපගමනය කෙටි උදාහරණයක් අරගෙන මේ ගැන කීවොත් අදාළ වර්ශයේ ict විශ්‍ය සදහා ඔබ වැඩි ලකුනු ප්‍රමාණයක් ලබාගෙන සමස්තයක් ලෙස අනික් සිසුන් අඩු ලකුනු ප්‍රමාණයක් ලබගෙන ඇත්නම් ඔබේ z අගය ඉතා ඉහල අගයක් ගන්නවා. එමෙන්ම විශ්ව විද්‍යාල වලින් පාඨමාලාවක් සදහා සිසුන් තෝරාගැනීමේදී පහත සාධක සලකලා බලලා ඒ ඒ දිස්ත්‍රික්කයට ඒක් එක් පාඨමාලාව මගින් තෝරාගනීමේ z අගයක් න...