Skip to main content

Z අගයට අනුව විශ්ව විද්‍යාල බඳවා ගැනීම් සිදු කරන අයුරු

  z-core එක කියන්නෙ මොකක්ද කියන එක. Z අගය ඒ ඒ විෂයට වෙන වෙනම දෙන එකක්.පස්සේ විෂයන් තුනට ගත්ත z score අගයන් තුන එකතු කරල තමයි ඔයාලට අවසන් Z අගය පිරිනමන්නේ. 

මෙකෙන් තමයි ඔයා campus යනවද නැද්ද කියන එක තීරනය කෙරෙන්නේ. campus එකේ පවත්වන ඒ ඒ පාඨමාලාව විසින් ඒ ඒ අවුරුද්දෙ එයට සිසුන් තෝරා ගැනීම සදහා z අගයක් නිකුත් කරනවා. ඉතින් ඒ පාඨමාලාවලට අපිට සුදුසුකම් ලබන්න ඕන්නං ඒ නිකුත් කරලා තියන z අගයට වඩා z අගයක් අපට ගන්න වෙනවා. ඉතින් මේ z අගය සංඛ්‍යාත්මක ගනනය කිරීමක්. එකෙදි පහත සාධක සලකල බලනවා.

👉අදාළ වර්ෂයේ අදාල විශය සදහා සිසුන් ලබා ගත් අමු ලකුණු

👉අදාළ වර්ෂයේ අදාල විශය සදහා වූ ලකුණු ව්‍යාප්තිය

👉අදාළ වර්ෂයේ අදාල විශය සදහා වූ සම්මත අපගමනය 


කෙටි උදාහරණයක් අරගෙන මේ ගැන කීවොත් අදාළ වර්ශයේ ict විශ්‍ය සදහා ඔබ වැඩි ලකුනු ප්‍රමාණයක් ලබාගෙන සමස්තයක් ලෙස අනික් සිසුන් අඩු ලකුනු ප්‍රමාණයක් ලබගෙන ඇත්නම් ඔබේ z අගය ඉතා ඉහල අගයක් ගන්නවා. 


එමෙන්ම විශ්ව විද්‍යාල වලින් පාඨමාලාවක් සදහා සිසුන් තෝරාගැනීමේදී  පහත සාධක සලකලා බලලා ඒ ඒ දිස්ත්‍රික්කයට ඒක් එක් පාඨමාලාව මගින් තෝරාගනීමේ z අගයක් නිකුත් කරනවා.

👉40% ජාතික කුසලතාවය

තෝරා ගන්නා ළමුන් ප්‍රමාණයෙන් 40% ක් ජාතික කුසලතාව (Island Rank) අනුව තෝරා ගනු ලැබේ. මොවුන්ගේ දිස්ත්‍රිකයේ කුමක් වුවත් තෝරා ගැනීමේදී ප්‍රමුඛතාව ලැබේ.

👉55% දිස්ත්‍රික් පදනම

දිස්ත්‍රිකයේ මුළු ජනගහනය පදනම් කරගෙන අදාල බඳවා ගැනීමේ ප්‍රමාණය තීරණය කරනු ලැබේ. මෙහිදී දිස්ත්‍රික් කුසලතා (District Rank) අගය මත ළමුන් තෝරා ගනු ලබයි. 

👉5% දුශ්කර ප්‍රදේශ පදනම 

1.Nuwara Eliya.
2. Hambantota
3. Jaffna
4. Kilinochchi
5. Mullathivu
6. Mullaitivu
7. Vavuniya
8. Trincomalee
9. Batticaloa
10. Ampara
11. Puttalam
12. Anuradhapura
13. Polonnaruwa
14. Badulla
15. Monaragala
16. Ratnapura

ඉහත දිස්ත්‍රික්ක ඉගෙනීමේදී පහසුකම් අවම දිස්ත්‍රික්ක ලෙස සලකා තෝරාගන්න ලමුන්ගෙන් 5% ක ප්‍රමාණයක් ඉහත දිස්ත්‍රික වලින් තෝරාගනු ලැබේ.


උදාහරණයක් ලෙස ඉංජිනේරු තාක්ෂණ විෂය සදහා වර්ෂයකට 2300 ක ළමුන් ප්‍රමාණයක් තෝරා ගන්නේ යැයි සිතමු.

ඒ විට ජාතික කුසලතාවය ලෙස  IR 1 සිට IR 920 තෙක්  ළමුන් 920 ක් දිස්ත්‍රික්කය නොසලකා අදාල පාඨමාලාව සඳහා සුදුසුකම් ලබයි. මොවුන්ට බොහෝ විට ඉල්ලුම් කරන මුල් විශ්ව විද්‍යාලයම ලැබෙනු ඇත.

ඉතිරි ළමුන් තෝරා ගන්නේ දිස්ත්‍රික් පදනම මතයි. ළමුන් ගෙන් 1265 දෙනෙක් දිස්ත්‍රික්ක 25 ක් අතරේ ජනගහන අනුපාතයට බෙදා තෝරා ගනු ලැබේ. නුවරඑළිය දිස්ත්‍රික්කය සදහා ලැබෙන අවස්ථා ගන්න ඒ අනුව 40 කී. මෙහි දී ජාතික කුසලතාවයෙන් නොතේරුණු දිස්ත්‍රිකයේ ඉහළ DR අගයක් ලබා ගත් ළමුන් 40 දෙනක් තෝරා ගනු ලැබේ.

අවසාන වශයෙන් දුෂ්කර පදනම මත ළමුන් 7 දෙනෙක් පමණ දිස්ත්‍රික් කුසලතා අනුපිළිවෙල අනුව ( ඉහත අවස්ථා දෙකට නොතේරුණු ) නුවරඑළිය ප්‍රදේශයෙන් තේරී පත් වේ.


2021 වර්ෂය සදහා ළමුන් තෝරා ගත් ප්‍රමාණ ඉහත දැක්වේ. 


Comments

Popular posts from this blog

විභාග ලේසියෙන් සමත් වෙමු