Skip to main content

Posts

Showing posts from February, 2023

වාමාංශික හා දක්ෂණාංශික නම් හැදුන හැටි / Where Did the Terms 'Left Wing' and 'Right Wing' Come From?

  වාමාංශික හා දක්ෂණාංශික වචන ඔබට නිතර ඇහෙනවා ඇති. මේ වචන පළමුව භාවිතා වුයේ ප්‍රංශ විප්ලවය තුළ සිදුවූ දේශපාලන සාකච්ඡා වල දේශපාලකයන් අසුන් ගැනීමට ආසන පැනවීමට ස්ථාන සැකසීමේ දී බව ඔබ දන්නවා ද? ප්‍රංශ ජාතික සභාවේ සාමාජිකයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම ආරම්භ කිරීම සඳහා 1789 ගිම්හානයේදී රැස්විය. රජුට කොපමණ බලයක් තිබිය යුතුද යන්න පිළිබඳව නියෝජිතයින් දැඩි ලෙස බෙදී ඇති අතර, විවාදය ඇති වූ විට, ප්‍රධාන කණ්ඩායම් දෙක  රැස්වීම් ශාලාවේ පැති බෙදා ගත්තේය. රාජකීය විරෝධී විප්ලවවාදීන් මුලසුන දැරූ නිලධාරියාගේ වම්පස තෝරාගත් අතර, රාජාණ්ඩුවේ ගතානුගතික, වංශාධිපති ආධාරකරුවන් දකුණට රැස්ව සිටියහ. "මම ශාලාවේ විවිධ ප්‍රදේශවල හිඳීමට උත්සාහ කළෙමි , මගේ මතය මගේ තනි මතය බව පෙන්වීමට මට උවමනා විය. " මෙයට සහභාගී වූ බැරන් වරයෙක් එසේ ප්‍රකාශ කළේය. මේ අනුව පැහැදිලි වන්නේ අසුන් ගත් ස්ථානය අනුව විවාදයේ ප්‍රධාන කණ්ඩායම් දෙකෙන් එකකට දේශපාලකයන් ස්වාභාවිකවම අයිති වන ස්භාවයක් රැස්වීම් තුළ පැවති බවයි. 1790 වන තෙක් මෙම බෙදීම ශාලාව තුල දක්නට ලැබුණි. ප්‍රංශ සමුළුවේ ප්‍රගතිශීලී වම හා සාම්ප්‍රදායික දකුණ ලෙස පුවත් පත...