Skip to main content

උසස් පෙළ අවසන් වූ පසු ? After advanced levels examination

 උසස් පෙළ අවසන් වූ ඔබ විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලබා ගැනීමට අපොහොසත් වූයේ නම් ඒ සදහා විකල්පයක් ලෙස අධ්‍යාපනය හා නිපුණතා ලබා ගත හැකි විකල්ප අධ්‍යාපන ආයතන පිළිබද අන්තර්ජාලයේ පළවන තොරතුරු මෙසේ එක් තැනකට ගොනු කර ඉදිරිපත් කරනු ලබයි. 

✨ Univotec 

මෙම ලිපිය ලිවීමේ මුලික අරමුණ වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය ගැන බොහෝ සාවද්‍ය මත නිරන්තරයෙන් කතා බහට ලක් වීමයි. අනෙක් අතට සිසුන් බොහොමයක් මේ පිළිබඳව නොදැන සිටීම නිසා ඔවුන්ට හිමි විය යුතුව ඇති බොහෝ වටිනා උසස් අධ්‍යාපන  අවස්ථාවක් ඔවුන් විසින් අහිමි කර ගැනීමයි. ඇතැම් විටක ඇතැමුන් විසින් වෛරීය ස්භාවයෙන් සාවධ්‍ය තොරතුරු මේ පිළිබඳව පැතිරීමට කටයුතු කරන බව සුලබව දැකිය හැකි දෙයක් බවට පත්ව තිබේ.

Univotec යන නාමයත් සමග බොහෝ දෙනා සිතන්නේ මෙය අර්ධ රාජ්‍ය හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලයක් බවයි. මෙහි Univotec යන නාමයෙන් සංකේතවත් කරනුයේ Un-Uniiversity of Vo- Vocational Tec- Technology මිස අනෙකක් නොවේ. කෙසේ නමුත් මෙලෙස ඇති වන අක්‍රමිකතා නිසා Univotec යන්න UoVT ලෙස කරලියට ගෙන ඒමට වර්තමානයේ කටයුතු කරමින් සිටි.

වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය ( University of Vocational Technology ) 2008  පාර්ලිමේන්තු පනත් 31 යටතේ පිහිටුවන ලද මේ වන විට තරුණ කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්යංශය යටතේ පවතින තවත් රාජ්‍ය විශ්ව විද්‍යාලයකි. එනම් 100% රජයේ විශ්ව විද්‍යාලයකි.

මෙම විශ්ව විද්‍යාලය පිහිටුවීමේ මුලික අරමුණ වුයේ ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම් 05/06 (NVQ 05/06) සම්පුරණ කරන ලද සිසුන්ට NVQ 07 එනම් උපාධි මට්ටම සපිරිමටයි. 2016 වසරේ සිට NVQ සාමාර්තයන්ගෙන් ඇතිවන පුරප්පාඩු පිරවීම සඳහා අදාළ අධ්‍යයන වර්ෂයකදී උසස් පෙළ සමතුන්ගෙන් Z අගය මත සහ අභියෝගතා පරීක්ෂණයක් මගින් සිසුන් බඳවා ගැනීමේ කටයුතු සිදු කරන ලදී. එය උසස් පෙළ සමතුන් ලද අගනා අවස්ථාවක් බව පැහැදිලිවම සඳහන් කල යුතුව ඇත.

වෘත්තීය තාක්ෂණ විද්‍යාලය මේ වන විට බොහෝ පහසුකම් වලින් සමන්විත උපරිම ගුණාත්මක බවකි යුතු සුන්දර පරිසරයක පිහිටි රාජ්‍ය විශ්ව විද්‍යාලයක්.

එමෙන්ම අධ්‍යයන වර්ෂයකට අදාලව උසස් පෙළ ප්‍රතිපල පැමිණීමත් සමගම කඩිනමින් අයදුම්පත් කැඳවා කඩිනමින් පාඨමාලා අරම්බව වන සුලුතරයක් රාජ්‍ය උසස් අධ්‍යාපන ආයතන අතර වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය ද ඇති බව සඳහන් කල යුතු වේ.

මේ වන විට ඉහළ පහසුකම් වලින් සමන්විත රාජ්‍ය විශ්ව විද්‍යාලයක් ලෙස වෘත්තීය තාක්ෂණ විද්‍යාලය රාජ්‍ය විශ්ව විද්‍යාලයන් අතර ඇති මෙම විශ්ව විද්‍යාලය හරහා ඔබට තාක්ෂණවේදී උපාධි (Btec) ලබා ගැනීමේ හැකියාව තිබේ.

වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාල සිසුන් වර්තමානයේ බොහෝ ක්ෂේත්‍රයන් ඔස්සේ දස්කම් දක්වමින් සිටින අතර ආසන්නව තාක්ෂණ අංශයේ  ඔවුන් ලබා ගත තවත් ජයග්‍රහයක් වන්නේ  ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයෙන් පවත්වන ලද “Robot Battle 2018” වැඩමුළුවේ  පළමු , තෙවන සහ සිව්වන ස්ථාන ඔවුන් විසින් හිමි කර ගැනීමයි.

ඔබ 2018 උසස් පෙළ සාමර්තයෙක් නම් ඔබ උසස් පෙළ හැදෑරු විෂය ධාරාවන්ට අනුරුපව පහත පාඨමාලා සඳහා අයදුම් කිරීමේ හැකියාව තිබේ,

1. B. Tech. in Mechatronics Technology - ඉංජිනේරු තාක්ෂණවේදය

2. B. Tech. in Building Services Technology - ඉංජිනේරු තාක්ෂණවේදය

3. B. Tech. in Manufacturing Technology - ඉංජිනේරු තාක්ෂණවේදය

4. B. Tech. in Food Process Technology - ජීව පද්ධති තාක්ෂන්වේදය / ජීව විද්‍යාව

5. B. Tech. in Software Technology – ICT ඇතුලත් ඕනෑම විෂය  ධාරාවක්

6. B. Tech. in Multimedia & Web Technology – ICT ඇතුලත් ඕනෑම විෂය  ධාරාවක්

7. B. Tech. in Network Technology - ICT ඇතුලත් ඕනෑම විෂය  ධාරාවක්

8. B. Tech. in Industrial Management - වාණිජ /  ඉංජිනේරු තාක්ෂණවේදය / භෞතීය විද්‍යාව

9. B. Tech. in Construction Technology & Resource Management -  ඉංජිනේරු තාක්ෂණවේදය

10. Bachelor in Education in English Language Training – උසස් පෙළ ඉංගිසි සඳහා සාමාන්‍ය සාමාර්ථයක් හෝ සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සඳහා සම්මාන සාමාර්ථයක්

11. B. Tech. in Media Arts Production Technology - සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය ඇතුලත් ඕනෑම විෂ ධාරාවක්

2017 අධ්‍යයන වර්ෂයේ සිට ඇතැම් විෂය ධාරාවන්ගෙන් උසස් පෙළ සාමර්තයන්ට අයදුම් කිරීමට තිබු පාඨමාලා යම් ප්‍රමාණයක් කප්පාදු කිරීමකට කටයුතු කර ඇති බවද සඳහන් කල යුතුව ඇත.

ඔබ NVQ( හෝ සුදුසුකම් )හරහා උපාධිය සම්පුර්ණ කිරීමට බලාපොරාත්තු වන අයෙක් නම් ඒ සඳහා මාර්ගය මෙසේය,

හැදෑරීමට අදහස් කරන උපාධි පාඨමාලාවට අනුරුප වන,

1. NVQ 05 හෝ ඉහළ සුදුසුකමක්

2. අදාල ක්ෂේත්‍රයන්ගේ HNDE , HNDQS , HNDA , NDT , NDES , NDET හෝ සමාන සුදුසුකමක්

3. තෘතික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සබාව මගින් අනුමත කරන NVQ 05,06 මට්ටම් වලට සමාන වෙනත් සුදුසු කමක්.

ඉහත පරිදි ඔබ සුදුසුකම් සැපිරිය යුත්තේ පහත දක්වා ඇති උපාධි පාඨමාලාවන් ඉදිරියෙන් දක්වා ඇති ක්ෂේත්‍රයන් ඔස්සේ වේ.

1. B.Tech. in Mechatronics Technology - මෙකාට්‍රොනික් , විදුලි , විද්‍යුත් , යාන්ත්‍රික , නිෂ්පාදන සහ මෝටර් රථ තාක්ෂනය , ජෛව විද්‍යාව

2. B. Tech. in Building Services Technology - ඉදිකීරිම් , සිවිල් , යාන්ත්‍රික , ශීතකරණ හා වායු සමීකරණ , යාන්ත්‍රික , ගොඩනැගිලි සේවා , විද්‍යුත් හා සන්නිවේදන.

3. B. Tech. in Manufacturing Technology - නිෂ්පාදන , මෙකාට්‍රොනික් , ශීතකරණ හා වායු සමීකරණ , යාන්ත්‍රික , මෝටර් රථ තාක්ෂනය , පෑස්සුම් , ෆාම් යන්ත්‍රෝපකරණ , රසායනික හා බහු අවයවික තාක්ෂණ

4. B. Tech. in Food Process Technology - ආහාර තාක්ෂනය , කෘෂිකර්මය , සුපවේද , පශු සම්පත් , සහ කිරි නිෂ්පාදන , අහාර තත්ත්ව සහ ආහාර රසායන විද්‍යාව

5. B. Tech. in Software Technology - තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය

6. B. Tech. in Multimedia & Web Technology - තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය

7. B. Tech. in Network Technology - - තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය , විදුලි සංදේශ

8. B. Tech. in Industrial Management Technology - ඕනෑම තාක්ෂණික හෝ වෘත්තීය ක්ෂේත්‍රයක්

8. B. Tech. in Film & Television Production Technology (සති අන්ත) - සිනමා , ටෙලිවිෂන් , වීඩියෝ නිෂ්පාදන , ඩිජිටල් මාධ්‍ය තාක්ෂනය

9. B. Tech. in Quantity Surveying - ප්‍රමාණ සමීක්ෂණ

10. B. Tech. in Construction Technology and Resource Management - ඉදිකිරීම් තාක්ෂනය

...........................

11. B. Tech. in Media Arts Production Technology(සතියේ දින) - ජන මාධ්‍ය නිෂ්පාදන , සන්නිවේදන , මුද්‍රිත , රේඩියෝ , සිනමා , ටෙලිවිෂන් , ශ්‍රව්‍යදෘශ්‍ය මාධ්‍ය , නව මාධ්‍ය , ජනමාධ්‍යවේදය හෝ විශ්වවිද්යාලිය අධ්‍යයන සබාව මගින් පිළිගන්නා සුදුසුකම් සහිත පාසල් අධ්‍යාපනය හෝ පිළිගත් ආයතන වල සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයන විෂය ඉගැනිවිම. 

12. BACHELOR OF HOTEL MANAGEMENT (New) - Hospitality Management හෝ Hotel & Tourism NVQ 05 හෝ ඉහළ සුදුසුකමක්, තෘතික හා වෘත්තීය අධ්යාපන කොමිෂන් සබාවේ ලියාපදිංචි පුහුණු ආයතන හෝ  විශ්වවිද්යාලයිය අධ්‍යන සබාව මගින් පිළිගන්නා  විදේශීය ආයතන මගින් පිරිනමනු ලබන , Hotel & Tourism ක්ෂේත්‍රයේ අවම වශයෙන් එක් අවුරුදු පුර්ණ කාලින හෝ ඊට සමන  අර්ධ කාලින සුදුසුකමක් සහ තරු 03 හෝ  ඉහළ හෝටලයක අවම වශයෙන්  වසර දෙකක පළපුරුද්ද

13. Bachelor of Education in Technology (B. Ed. Tech) - අදාල ක්ෂේත්‍රයන්ගේ  NVQ 05 හෝ ඉහල සුදුසුකමක් ,  අදාල ක්ෂේත්‍රයන්ගේ HNDE, NDT, NDES, NDET, NDICT සුදුසුකමක් , ත්රිතික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සබාව NVQ 05/06 සමාන ලෙස පිළිගන්නා සුදුසුකමක් , ඉහත ක්ෂේත්‍රයන්ට අදාලව විශ්වවිද්‍යාලයිය අධ්‍යන සබාව මගින් පිළිගනු ලබන ජාතික අධ්‍යාපන පීටයන්හි ලබා දෙන පුහුණුව යටතේ ජාතික අධ්‍යාපන ආයතනය මගින් පිරිනමනු ලබන ඩිප්ලෝමාවක් ( ඉහත සුදුසුකම් සපිරීමෙන් පසු එම ක්ෂේත්‍රයන්ගේ කර්මාන්ත හා ඉගැන්වීම් පිළිබඳව අවම වශයෙන් වසරක පළපුරුද්දක් ඇති අයදුම් කුවන්ට ප්‍රමුඛතාව හිමි වේ.)

14. Bachelor of Education in English Language Teaching (B. Ed. ELT) - තෘතික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සබාව මගින් පිළිගන්නා  ඉංග්‍රීසි හා අධ්‍යාපනය පිළිබඳව NVQ 05 සුදුසුකමක් , HNDE(English) , ජාතික අධ්‍යාපන ආයතනය මගින් අධ්‍යාපන පීට වල පවත්වනු ලබන ඉංගිසි භාෂාව ඉගැනිවිම පිළිබඳව ජාතික ඩිප්ලෝමාව , ශ්‍රී ලංකා ජාතික කාර්මික  අධ්‍යාපන ආයතනය හෝ Univotec මගින් පිරිනැමූ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම පිලිබඳ ජාතික පුහුණු තාක්ෂණ ඩිප්ලෝමාව , ශ්‍රී ලංකා උසස් කාර්මික ආයතනය මගින් පිරිනමනු ලබන ඉංග්‍රීසි භාෂාව පිළිබඳව  උසස් ජාතික ඩිප්ලෝමාව ,  අධ්‍යාපන අමාත්‍යංශයේ  ඉංග්‍රීසි පුහුණු ගුරු සහතිකය , ශ්‍රී ලංකා ජාතික කාර්මික  අධ්‍යාපන ආයතනය හෝ Univotec මගින් පිරිනැමූ ඉංග්‍රීසි භාෂාව පිළිබඳව ඩිප්ලෝමාව සහ විශ්වවිද්‍යාලයිය සබාව මගින් පිළිගනු ලබන ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම ඇතුලත් වන සදුසුකම් සහතිකයක්.

ඔබ මේ වන විට ඉහත සුදුසුකම් සපුරා නොමැති නම් හෝ  පසුකාලීනව ඉහත උපාධිපාඨමාලාවන් හැදෑරීමට  බලපොරත්තු වන්නේ නම් ඊට අදාල NVQ 05/06 පාඨමාලාවන්  යම් ප්‍රමාණයක් කාර්මික විද්‍යාලන්හි  මේ වන විට ගැසට් කර තිබේ. එම පාඨමාලාවන් සඳහා අයදුම්පත්‍ර බාර ගන්නා අවසන් දිනය 2019/01/18 වේ. කඩිනමින් අයදුම්පත් ඒ සඳහා යොමු කරන්න.  පොස්ටුවේ අවසානයේ දක්වා ඇති සබැඳියෙන් ඔබට එම පාඨමාලා පිලිබඳ 2018/12/21 ගැසට් පත්‍රය ලබා ගත හැක

Univotec 2019 අධ්‍යයන වර්ෂය සඳහා මේ වන විට අයදුම් පත් කැඳවා ඇති අතර අයදුම් පත් බාර ගන්නා අවසන් දිනය 2019 ජනවාරි 25 වේ. ඔබ මේ වන විටත් වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාල ගැන හෝ එම පාඨමාලා ගැන නොදැන සිටියේ නම් දැන් ඔබට අදාල පාඨමාලා සඳහා අයදුම් කිරිමේ හැකියාව තිබේ.

copied from Shaggy bro

 ✨ සාගර විශ්වවිද්‍යාලය 

ගොඩක් අය හිතන්නේ අපි හැමෝටම හුරුපුරුදු ප්‍රථම උපාධි පාඨමාලා සඳහා ප්‍රවේශය අත්පොතේ (කැම්පස් පොත) සඳහන් විශ්වවිද්‍යාල විතරයි රජයේ විශ්වවිද්‍යාල වෙන්නේ කියලා. ඒ මතය සම්පුර්නයෙන්ම වැරදි. කැම්පස් පොතේ සඳහන් වෙන්නේ වර්තමානයේ නගර සැලසුම් , ජාල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ තියෙන විශ්වවිද්‍යාල සහ අදාල පාඨමාලා අනුක්‍රමයක් සහ බඳවා ගැනීමේ වැඩපිළිවලක් විතරයි.

මේ නිසා බොහෝ දෙනා සාගර විශ්වවිද්‍යාල , වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාල වගේ නිදහස් අධ්‍යාපනයේ ප්‍රයෝජන ගන්න පුළුවන් තැන් පෞද්ගලික හෝ අර්ධ රාජ්‍ය කියලා හිතලා අතහැරලා දානවා . එක වැරදි දෙයක් වගේම තමන්ට ලැබෙන්න තියෙන වටිනා අවස්ථාවක් අතහැර දැමීමක්. 

මොකක්ද මේ සාගර විශ්ව විද්‍යාලය කියන්නේ ?

සාගර විශ්ව විද්‍යාලය කියන් පාර්ලිමේන්තු පනත් 2014 අංක 31 යටතේ ස්ථාපිත ශ්‍රී ලංකාවේ ධිවර හා නාවික ක්ෂේත්‍රයන් ගේ මිනිස්බල අවශ්‍යතා වෙනුවෙන් අරඹ කරන ලද වර්තමානයේ කර්මාන්ත හා වාණිජ කටයුතු ,දිගුකාලින අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීම්,සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය යටතේ පාලනය වන රාජ්‍ය විශ්වවිද්‍යාලයක්

ඒ වගේම සාගර විශ්වවිද්‍යාලය කියන්නේ සීග්‍රයෙන් විද්‍යාලයීය ව්‍යුහය දියුණු කරමින් සිටින විශ්වවිද්‍යාලයක්.

මුල්වරට නිදහස් පාඨමාලාවන් ලෙස උසස් පෙළ සිසුන්ට සාගර විශ්ව විද්‍යාල විවෘත වුනේ 2016 වසරට අදාලවයි.

මුල් වරට සාපේක්ෂ මේ වන විට බඳවා ගැනීම් සඳහා සීමාවන් පනවා තිබෙන බවත් සඳහන් කළ යුතුව තිබේ. වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය සහ සාගර විශ්වවිද්‍යාලය යන රාජ්‍ය විශ්වවිද්‍යාල දෙකේම බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටිය සඳහා පෙර අවස්ථාවන්ට සාපේක්ෂව ක්‍රමයෙන් සිමාවන් පැනවීම මගින් අපිට තේරුම් ගන්න පුළුවන් ඉදිරියේදී මෙම විශ්වවිද්‍යාල සඳහා ඇතුලත් වෙන එකත් ක්‍රමයෙන් අපහසු වන බව.

මෙම විශ්වවිද්‍යාලය හරහා ඔබට විද්‍යාවේදී උපාධි (සාමාන්‍ය/ගෞරව ) 100% නොමිලේ හැදෑරීමට අවස්ථාව හිමි වේ. අදාළ පාඨමාලාවන් ප්‍රමාණය 5ක්.

2018 උසස් පෙළ සමතුන්ට මේ වන විට අයදුම්පත් කැඳවා ඇති අතර පාඨමාලාවන් පහත පරිදි වේ,

1) B.Sc. in FISHERIES & MARINE SCIENCE (Genaral/Hons)


ඇතුලත් වීමේ සුදුසකම්,

ජීව විද්‍යා විෂය ධාරාවෙන් ජීව විද්‍යාව සමග උසස් පෙළ සමත් වීම.(උපරිම තුන්වන වාරයේදී.)

අ.පො.ස. සා/පෙළ ගණිතය සඳහා සම්මාන සාමාර්ථයක්.

අ.පො.ස. සා/පෙළ ඉංග්‍රීසි හෝ උ/පෙළ සාමාන්‍ය ඉංග්‍රීසි සඳහා සම්මාන සාමාර්ථයක්.


බඳවා ගැනීම්,


බඳවා ගැනීමේ ප්‍රමුඛතාවය Z අගය පාදක කර ගනිමින් සිදුකරනු ලබයි.

වසර තුනක සාමාන්‍ය උපාධියෙන් පසුව විශිෂ්ටත්වය මත ගෞරව උපාධිය දක්වා හැදෑරීමට හැකියාව තිබේ.


2) B.Sc. in MARINE ENGINEERING Shore based (Hons)

B.Sc. in MARINE ENGINEERING Seafarer (Hons)


ඇතුලත් වීමේ සුදුසකම්,

භෞතීය විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ සමත් වීම.(උපරිම තුන්වන වාරයේදී.)


බඳවා ගැනීම්,


බඳවා ගැනීමේ ප්‍රමුඛතාවය Z අගය පාදක කර ගනිමින් සිදුකරනු ලබයි.


3) B.Sc. in MARITIME TRANSPORTATION MANAGEMENT & LOGISTIC (Hons)


ඇතුලත් වීමේ සුදුසුකම්,


ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සමත් වීම.(උපරිම තුන්වන වාරයේදී.)

අ.පො.ස. සා/පෙළ ගණිතය සඳහා සම්මාන සාමාර්ථයක්.

අ.පො.ස. සා/පෙළ ඉංග්‍රීසි හෝ උ/පෙළ සාමාන්‍ය ඉංග්‍රීසි සඳහා සම්මාන සාමාර්ථයක්.


බඳවා ගැනීම්,


අභියෝගතා පරීක්ෂණයක් තුලින් සිසුන් තෝරාගනු ලබයි.


4) B.Sc. in COSTAL & MARINE RESOURCES MANAGEMENT (Genaral/Hons)


ඇතුලත් වීමේ සුදුසුකම්,


ඕනෑම විෂය ධාර්වකින් උසස් පෙළ සමත් වීම.(උපරිම තුන්වන වාරයේදී.)

අ.පො.ස. සා/පෙළ ගණිතය සඳහා සම්මාන සාමාර්ථයක්.

අ.පො.ස. සා/පෙළ ඉංග්‍රීසි හෝ උ/පෙළ සාමාන්‍ය ඉංග්‍රීසි සඳහා සම්මාන සාමාර්ථයක්.


බඳවා ගැනීම්,


අභියෝගතා පරීක්ෂණයක් තුලින් සිසුන් තෝරාගනු ලබයි.

වසර තුනක සාමාන්‍ය උපාධියෙන් පසුව විශිෂ්ටත්වය මත ගෞරව උපාධිය දක්වා හැදෑරීමට හැකියාව තිබේ.


5) B.Sc. in OCEANOGRAPHY (Hons)


ඇතුලත් වීමේ සුදුසුකම්,


භෞතික විද්‍යාව ඇතුළුව භාතික විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ සමත් වීම

හෝ

භෞතික විද්‍යාව ඇතුළුව ජීව විද්‍යාව විෂය ධාරාවෙන් උසස් පෙළ සමත් වීම. .(උපරිම තුන්වන වාරයේදී.)


බඳවා ගැනීම්,


බඳවා ගැනීමේ ප්‍රමුඛතාවය Z අගය පාදක කර ගනිමින් සිදුකරනු ලබයි.

පාඨමාලා සඳහා අයදුම් කල යුතු වන්නේ www.ocu.ac.lk වෙබ් අඩවිය හරහා වන අතර එක අයදුම්කරුවෙකුට එක උපාධි පාඨමාලාවක් සඳහා පමණක් අයදුම් කිරීමට අවස්ථව හිමි වේ.

වැඩිදුර තොරතුරු : 011 434 6979 (ශිෂ්‍ය කටයුතු අංශය)

උපුටාගැනීමකි .. shaggy bro page

✨ SLIATE

මොකක්ද මේ SLIATE ආයතනය කියන්නේ?

Sri Lanka Institutes Of Advance Technological Education ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ 1995 අංක 29 දරණ පනතින් පවත්වාගෙන යනු ලබයි. වත්මන් රජයේ විශ්ව විද්‍යාල අයත් වන උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යංශය යටතේ පාලනය වෙයි.

මොකක්ද අපිට ලබා ගත හැකි අධ්‍යාපනික සුදුසුකම් මේ තුළින්?

ලෝකයම පිළිගත් NVQ මට්ටම් අනුව NVQ 7 යනු විශ්ව විද්‍යාලයකින් ලබා දෙන උපාධියයි. ඔබට SLIATE තුළින් මෙහිදි ලැබෙන්නේ NVQ 6 Higher National Diploma (HND) සහතිකයයි. ඔබට ඉන්පසුව තමාගේ අවශ්‍යතාවය මත පහසුවෙන් උපාධිය (Degree) දක්වා යෑමටද අවස්ථාව ඇත. සෑම පාඨමාලවක්ම ඉංග්රීසි මාධ්යයෙන් පැවැත්වෙන අතර ප්රායෝගික පුහුණුවක් අවසන් වසර තුලදී NAITA ආයතනයේ අධීක්ෂණය යටතේ ලබාගත හැක.

ඇයි අපි SLIATE හැදෑරිය යුත්තේ?

** සියලුම පාඨමාලා නොම්ලේ පැවැත්වෙයි.

* උපාධිදාරී දේශක මණ්ඩලය

* නේවාසිකාගාර පහසුකම්

* පුස්තකාල පහසුකම්

* මහපොළ ශිෂ්‍යාධාර

* නොමිලේ Wi-fi හා අන්තර්ජාල පහසුකම්

* බස් / දුම්රිය සහන කාලය

* ක්රීඩා පහසුකම්

රජයේ විශ්ව විද්‍යාලයක හා HND පාඨමාලාවන්ගේ ඇති සමානතා?

* GPA System එකකට අනුව විභාග ලකුණු විශ්ලේෂනය කරයි

* semester අනුව පවතිනා විභාග කාල සටහනක් ඇත.

* උපාධිදාරී දේශක මණ්ඩලය

* බහුමාධ්ය පහසුකම් හා වැඩමුළුව පහසුකම් ආදිය සමග භාෂා කාඞ් සහ තොරතුරු තාක්ෂණ විද්යාගාර

SLIATE ආයතනයේ පවතින පාඨමාලා කිහිපයක් ගැන තොරතුරු පහත වෙයි.


*උසස් ජාතික ව්‍යාපාර මූල්‍ය පිලිබඳ ඩිප්ලෝමාව HNDBF

මූල්‍ය ක්ශේත්‍රයේ ප්‍රවීනයෙකු වීමේ ඔබේ සිහිනය සැබෑ කරගැනීමට කදිම අවස්තාවක්.ව්‍යාපාර මූල්‍ය පිලිබඳ ශ්‍රී ලංකාවේ හැදෑරියහැකි එකම උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමට

ඔබටත් අවස්තාවක් .

පාඨමාලා කාලය : වසර 2 1/2

*දෙවන වසර අවසානයේ මාස 6 ක පුහුණු කාලය.

හැදැරීම හැකි SLIATE ආයතනය : දෙහිවල (මෙම පාඨමාලාව හැදෑරිය හැක්කේ දෙහිවල උසස් තාක්ෂණ ආයතනයේ පමණි)

පාඨමාලා කාලයෙන් පසුව Accounts Assistance තනතුර යටතේ රැකියාවට සම්බන්ධ විය හැකිය.

*උසස් ජාතික ව්යාපාර පරිපාලන ඩිප්ලෝමාව Higher National Diploma in Business Administration - HNDBA

මූල්ය ක්ශේත්රයේ ප්රවීනයෙකු වීමේ ඔබේ සිහිනය සැබෑ කරගැනීමට කදිම අවස්තාවක්.ව්යාපාර මූල්ය පිලිබඳ ශ්රී ලංකාවේ හැදෑරියහැකි එකම උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමට

ඔබටත් අවස්තාවක් .

පාඨමාලා කාලයෙන් පසුව යොමු විය හැකි රැකියා ක්ෂේත්‍ර

1. පරිපාලන ක්ෂේත්රයේ රැකියා

2.බැංකු ක්ෂේත්රයේ රැකියා

3.කළමනාකරණය ක්ෂේත්රයේ රැකියා

4.ගිණුම්කරණය ක්ෂේත්රයේ රැකියා

5.අළෙවිකරණ ක්ෂේත්රයේ රැකියා

6.පරිඝණක ක්ෂේත්රයේ රැකියා

ව්යාපාර පරිපාලන ඩිප්ලෝමාව ව්යාපාරි ලෝකයේ සියලුම ක්ෂේත්ර ආවරණය වන ලෙස සැකසුනු පාඨමාලාවකි..

*පාඨමාලා කාලය වසර: 2 1/2

*දෙවන වසර අවසානයේදී මාස 6 ක ප්රායෝගික පුහුණුව .

හැදෑරිය හැකි ආයතන - දෙහිවල, ලබුදූව, නුවර, යාපනය

*උසස් ජාතික සංචාරක හා සත්කාරක කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව

HNDTHM මගින් ඔබටත් නව රැකියා රැසක් සපිරි සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවක්.

*පාඨමාලා කාලය වසර 3කි. එයින් වසර දෙකහමාරක් අද්‍යන කාලය ලෙසත් ඉතිරි සමාසිකය SLIATE මගින් ලබාදෙන පුහුණු කාලය ලෙසත් පවතියි.

පාඨමාලාව නිම කිරීමෙන් පසු අවශ්‍යතාව අනුව තවදුරටත් අද්‍යාපන කටයුතු උපාධියේ සිට ආචාර්ය උපාධිය දක්වා දිගු කරගැනීමට කොළඹ විශ්වවිද්‍යාලය සහ මැලේසියානු විශ්වවිද්‍යාල ද්විත්වයක් වන LINKAN හා MSU විශ්වවිද්‍යාල හා සම්බන්ධව සිදුකරගත හැකිය.

රැකියා අවස්ථා

Tourism Department Officer

Sri lanka port authority and Srilankan Custom

Hotel(management level )

Job in srilanka Tourism Development Authority(SLTDA)

Transportation Company

Foreign Sector

Job In Cruise Ship

Event Management sector

Tour Operator

Aviation Service

Cargo Company

Consultation

SLIATE පද්ධතිය තුළ පවතින පාඨමාලා අතරින් විදේශ බාශා ප්‍රවීණත්වයක් ලබා දෙන එකම පඨමාලාව වනුයේ මෙයයි.

හැදෑරීමට හැකි SLIATE ආයතන,: දෙහිවල,බදුල්ල,ගාල්ල,නුවර,යාපනය,නාවලපිටිය

*උසස් ජාතික තාක්ශනික කෘෂිකර්මය ඩිප්ලොමා පිාඨමාලාවHNDTAgri

කෘෂි කර්ම ව්‍යවසායක ක්ශේත්‍රයේ ඉහල පිලිගැනිමක් ඇත..පාඨමාලා කාලය

වසර 03කි,වසරක අනිවර්‍ය පුහුනු කාලසිමාවක් ඇත.

හැදැරිය හැකි sliate ආයතන - හාඩි අම්පාර,ලබුදුව,නයිවල

*උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝම පාඨමාලාව HNDM

මෙම උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝම පාඨමාලාව,පුර්ණ කාලීන වසර 3ක්

පුර ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන අතර ප්‍රායෝගික පුහුණුවක් අවසන් වසර තුලදී

NAITA ආයතනයේ අධීක්ෂණය යටතේ ලබාගත හැක.

1.විවෘත විශ්ව විද්‍යාලයේ BM අවසන් කළහැකි වීම.

2.CMA ආයතනයේ තාක්ෂණික අදියර සහ අන්තර්මාධ්‍ය අදියර නිදහස් වීම.

3.IPM ආයතනයේ FCHRM සහ CCHRM අදියරයන් නිදහස් වීම.

4.AAT ආයතනයේ පදනම් හා අන්තර් මාධ්‍ය අදියරයන් නිදහස් වීම.

5.SLIM ආයතනයේ පදනම් අදියරේ විෂයන් 2ක් නිදහස් වීම.

*හැදැරීම හැකි SLIATE ආයතන

දෙහිවල/මහනුවර/ගාල්ල/කුරුණෑගල/බදුල්ල/යාපනය

මීට අමතරව පවතින තවත් පාඨමාලා හා ඒවා පැවැත්වෙන ආයතන අයත් දිස්ත්‍රික්ක.

HNDA - Ampara, Anuradhapura, Badulla, Batticaloa, Dehiwala, Galle, Kandy, Kurunagala, Jaffna, Veyangoda, Trincomalee, Kegalle, Tangalle, Rathnapura, Samanthurai

HNDIT-Agri - Ampara, Galle, Gampaha

HNDBS - Galle, Colombo

HNDBA - Dehiwala, Jaffna, Kandy, Galle

HNDBF – Dehiwala

HND-English - Ampara, Anuradhapura, Badulla, Batticaloa, Dehiwala, Galle, Kandy, Kurunagala, Jaffna, Trincomalee, Kegalle,Tangalle, Samanthurai

HNDE Civil - Colombo, Galle, Jaffna

HNDE Electrical - Colombo, Galle, Jaffna

HNDE Mechanical - Colombo, Galle, Jaffna

HNDFT – Gampaha

HNDM - Ampara, Badulla, Dehiwala, Jaffna, Kandy, Galle, Kurunagala

HNDIT - Ampara, Badulla, Dehiwala, Jaffna, Kandy, Kegalle,Tangalle, Kurunagala, Colombo, Galle, Gampaha, Trincomalee

HNDQS- Colombo, Galle

HNDTHM - Badulla, Dehiwala, Jaffna, Kandy, Galle, Nawalapitiya

*උසස් ජාතික ගණකාධිකරන ඩිප්ලෝමාව Higher National Diploma In Accountancy

***(උපාධි සමානාත්මතාවය ලබා දී ඇත.)

පාඨමාලා කාලය: වසර 4කි

* දෙවන වසර අවසානයේ මාස 6ක අනිවාර්‍ය පුහුණුවක් ලැබිය යුතුයි.(audit firm එකක හෝ account section එකක පුහුණුව ලැබිය හැක)

ඉතිරි අවුරුදු 2ක පුහුණුව ලබන ගමන් සති අන්තයේ පාඨමාලාව හැදෑරිය යුතුය.

පාඨමාලාව අවසානයේ ගණකාධිකාරි අංශයේ රැකියාවක් ලබාගත හැක.

*උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමාව Higher National Diploma In Engineeering

උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමාව HNDE ඉංජිනේරුවන් වීමේ සිහිනය යථාර්ථයක් කරගැනීමට කදිම තෝතැන්නක්. තෝරාගත හැකි ඉංජිනේරු ක්ෂේත්‍රය

1.සිවිල් ඉංජිනේරු ( Civil Engineering )

2. විදුලි ඉංජිනේරු ( Electronical Engineering )

3. යාන්ත්‍රික ඉංජිනේරු (Mechanical Engineering )

4. ගොඩනැගිලි සේවා ඉංජිනේරු (Building Service Engineering)

5. ප්‍රමාණ සමීක්ෂණ (Quantity Survey)

*පාඨමාලා කාලය : වසර 3 1/2

*දෙවන වසර අවසානයේ මාස 6 ක පුහුණු කාලය. හැදැරීම හැකි SLIATE ආයතනය : ලබුදූව , යාපනය , මට්ටක්කුලිය පාඨමාලා කාලයෙන් පසුව Assistant Engineer තනතුර යටතේ රැකියාවට සම්බන්ධ විය හැකිය.

අයදුම් කිරීමට අවම සුදුසුකම්

* සැළකිය යුතු z අගයක්

* අපොස සා/පේ ඉංග්‍රීසි සදහා සම්මාන සාමාර්ථයක්

BST හා agri කරපු අයටත් නවතම පාඨමාලා 

තොරතුරු : SLIATE වෙබ් අඩවිය

Source : www.sliate.ac.lk


🛑 ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන සහ ඒවාගේ පාඨමාලා පිලිබද විස්තර 🛑 

 උසස් අධ්‍යාපන ආයතන  

📌 Open University - ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය පිලිබද විස්තරයක් 

https://www.mathsapi.com/2019/01/what-is-open-university.html


📌 Ocean University - ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය පිලිබද විස්තරයක් 

https://www.mathsapi.com/2019/04/what-is-ocean-university-of-sri-lanka.html


📌 HNDE - උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව පිලිබද විස්තරයක් 

https://www.mathsapi.com/2018/02/what-is-hnde.html


📌 Qualifications for Apply HNDE - උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාවට අයදුම් කිරීම සදහා අවශ්‍ය අවම සුදුසුකම් 

https://www.mathsapi.com/2018/01/the-minimum-qualification-required-to_14.html


📌 KDU - ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පිලිබද විස්තරයක් 

https://www.mathsapi.com/2020/05/what-is-kdu.html


📌 Qualifications for Apply KDU - ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පාඨමාලාවට අයදුම් කිරීම සදහා අවශ්‍ය අවම සුදුසුකම්

https://www.mathsapi.com/2020/01/the-minimum-qualification-required-to.html


📌 TTI / NDES -  ඉන්ජිනේරු විද්‍යා ජාතික ඩිප්ලෝමා පාඨමාලාව පිලිබද විස්තරයක් 

https://www.mathsapi.com/2017/12/what-is-ndes-tti.html


📌 Qualifications for Apply TTI / NDES - ඉන්ජිනේරු විද්‍යා ජාතික ඩිප්ලෝමා පාඨමාලාවට අයදුම් කිරීම සදහා අවශ්‍ය අවම සුදුසුකම් 

https://www.mathsapi.com/2018/01/the-minimum-qualification-required-to.html


📌 NDT - මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා ජාතික ඩිප්ලෝමා පාඨමාලාව පිලිබද විස්තරයක් 

https://www.mathsapi.com/2020/07/what-is-ndt-in-university-of-moratuwa.html


📌 Qualifications for Apply NDT - මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා ජාතික ඩිප්ලෝමා පාඨමාලාවට අයදුම් කිරීම සදහා අවශ්‍ය අවම සුදුසුකම්  

https://www.mathsapi.com/2018/01/the-minimum-qualification-required-to_53.html


📌 UNIVOTEC - ශ්‍රී ලංකා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය පිලිබද විස්තරයක් 

https://www.mathsapi.com/2019/01/what-is-univotec.html

 උසස් අධ්‍යාපන පාඨමාලා  

📌 Open University Engineering Degree - විවෘත විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිය පිලිබද විස්තරයක් 

https://www.mathsapi.com/2020/11/open-university-ousl-engineering-degree.html


📌 Physical Science - භෞතික විද්‍යා උපාධි පාඨමාලා පිලිබද විස්තරයක් 

https://www.mathsapi.com/2020/11/physical-science-degree-in-sri-lanka.html


📌 QS - Quantity Surveying ප්‍රමාණ සමීක්ශක පාඨමාලාව පිලිබද විස්තරයක්

https://www.mathsapi.com/2020/01/what-is-quantity-surveyor.html


📌 Surveyor - මිනින්දෝරු පාඨමාලාව පිලිබද විස්තරයක් 

https://www.mathsapi.com/2020/01/who-is-surveyor.html


📌 NVQ Courses - උසස් පෙලින් පසු ලබාගත හැකි ජාතික වෘත්තීය සුදුසුකම් පිලිබද විස්තරයක්

https://www.mathsapi.com/2020/01/nvq-courses-for-after-al-2s.html


දැනට උසස්පෙල හදාරමින් සිටින ඔබට උසස් පෙලින් පසු අවතීර්ණ වන උසස් අධ්‍යාපනය සදහා අදාල වන ආයතන සහ පාඨමාලා පිලිබද අවබෝධයක් ලබා ගැනීම සදහා මෙම ලිපි එකතුව අප විසින් නිර්මාණය කරන ලදී. වැදගත් වන සෑම කෙනෙක් අතරේම share කරන්න. ස්තූතියි! 


 උපුටා ගැනීම @lankanewsclub

උසස් අධ්‍යාපනය සදහා ණය 

උසස් පෙළ අවසන් කල ඔබට රජය මගින් පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙනීම සදහා ණය පහසුකම් ලබා ගාන්න හැකියාවක් තිබේ. මේ සදහා ඔබේ z අගය සලකා බලනු ලබයි. නමුත් ඔබට පහත ලින්ක් එකේ සදහන් විශ්ව විද්‍යාල පමණක් තෝරා ගැනීමට සිදුවේ. ණය නැවත ගෙවිය යුත්තේ අධ්‍යාපනය අවසන් කොට වසරක කාලයකට පසුව සිටයි. ණය මුදල් ප්‍රමාණය හා ණය ලබාගත හැකි අධ්‍යාපන අවස්ථා වසරින් වසර වෙනස් විය හැක. අයවැය මගින් වාර්ෂිකව මේ සදහා මුදල් වෙන්කළ යුතුව ඇත.

https://www.mohe.gov.lk/index.php?option=com_content&view=article&id=348:interest-free-student-loan-scheme&catid=48&Itemid=331&lang=en


ඉතින් සමහරු හිතනවා,

තමන් බලාපොරොත්තු වුණ degree එකට select නොවුණ ම,එහෙමත් නැත්නම් job market එකක් රැකියාවක් ලැබුණේ නැතත් මොකාක් හරි උපාධියක් කරන්න රජයේ විශ්වවිද්‍යාලයට යන්න නොලැබීම එයාලගේ ජීවිතේ ලොකු ම ලොකු කඩාවැටීමක් කියලා.ලොකු අභාග්‍යක් කියලා.

මේ ලිපිය ඒ අයට.


උසස් පෙළින් පසු රජයේ සරසවි වරම් හිමිවුණේ නැති,එහෙමත් නැතිනම්.. රජයේ විශ්වවිද්‍යාලයකට යන්න අකමැති අයට උසස් අධ්‍යාපනයට තෝරාගන්න පුළුවන් රාජ්‍ය වගේම අර්ධ රාජ්‍ය,පුද්ගලික ආයතන කිහිපයක් තමයි මේවා .මේ සියල්ලකට ම රැකියා වෙළදපළ තුළ ඇත්තේ ඉතාමත් ඉහළ පිළිගැනීමක්.විශ්වවිද්‍යාලකට ගියත් ඔන්න ඒ යන ගමන්ම මෙහි අන්තර්ගත කරලා තියන වෘත්තිමය විභාග සම්පූර්ණ කරන්නත් පුළුවන්.ඔයාලා විශ්වවිද්‍යාල යනගමන් මේ විභාග සම්පූර්ණ කළොත්,අධ්‍යාපන වගේ ම වෘත්තීය සුදුසුකම් යන දෙඅංශයේම වැඩ්ඩෙක් වෙලා රැකියා වෙළදපළට පිවිසෙන්න පුළුවන්. 


වෘත්තීය සුදුසුකම් සදහා වන ආයතන 👇

1.CIMA – Chartered Institute of Management Accountants

https://www.cimaglobal.com/Our-locations/SriLanka/


2.CIM – Chartered Institute of Marketing

https://srilanka.cim.co.uk/


3.SLIM – Sri Lanka Institute of Marketing

https://slim.lk/


4.ACCA – Association of Chartered Certified Accountants

https://www.accaglobal.com/lk/en.html


5.ICAS – Institute of Chartered Accountants of Sri Lanka 

https://www.casrilanka.com/casl/


6. CIPM – Chartered Institute of Personnel Management 

https://www.cipmlk.org/


බැංකු කරුවන්ගේ ආයතනය

https://www.ibsl.lk/


අධ්‍යාපන සුදුසුකම් සදහා 👇


1.NIBM – National Institute of Business Management

https://www.nibm.lk/


2.NSBM හරිත සරසවිය

https://www.nsbm.ac.lk/


3.SLIIT- Sri Lanka Institute of Information Technology 

https://www.sliit.lk/


4.BIT- Bachelor of Information Technology

BIT- UCSC 

http://www.bit.lk/


BIT-Moratuw 

https://uom.lk/itfac/education/undergraduate/bachelor-it


5. ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය 

http://www.ou.ac.lk/home/


6. ශ්‍රී ලංකා නීති විද්‍යාලය 

http://www.sllc.ac.lk/


7. වෘත්තිය තාක්ෂණ විශ්ව විද්‍යාලය 

http://www.univotec.ac.lk/


8. කාර්මික විද්‍යාල 

http://dtet.gov.lk/en/


9. උසස් තාක්ෂණ ආයතන 

http://www.sliate.ac.lk/


10. ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාල 

https://doa.gov.lk/etc-services-agricultural-education-si/


11. ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය 

http://www.cgtti.lk/


12. ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය 

http://www.kdu.ac.lk/


13. ශ්‍රී ලංකා රසායන විද්‍යා ආයතනය 

http://www.ichemc.edu.lk


14. කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධ මානව සම්පත් අභිවර්ධන ආයතනය 

http://www.ihra.cmb.ac.lk/


15. ගුරු විද්‍යාල 

http://mgncoe.sch.lk/


16. ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය 

https://www.slithm.edu.lk/

17. හෙද විදුහල් 

http://www.health.gov.lk/moh_final/english/others.php?pid=99


18. British Computer Society (BCS)

https://www.bcs.org/

17. Australian Computer Society (ACS)

https://www.acs.org.au/


18. City & Guilds Exams 

http://www.cityandguilds.com/


19. Ocean University of Sri Lanka

http://ocu.ac.lk/


20. Sri Lanka Aviation College 

https://www.srilankanaviationcollege.com


21. ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනය

https://www.slita.lk


22. බ්‍රිටිශ් කවුසෙල් ආයතනය-වෘතීමය ඉංග්‍රීසි අධ්‍යාපනය

https://www.britishcouncil.lk/?gad=1&gclid=EAIaIQobChMI0dKf6smX_wIVQ1YrCh1yoga0EAAYASAAEgKmgfD_BwE


23. විදේශ රැකියා නියුක්ති කාර්‍යංශය.- විදේශ රැකියා  විදෙස්ගතවීමට පෙර දැනගතයුතු තොරතුරු වෙනුවෙන්

http://www.slbfe.lk/


24.ආගමන විගමන දෙපර්තුමෙන්තුව-වීසා අවශ්‍යතා තොරතුරු.

https://www.immigration.gov.lk/pages_s.php?id=38


25.පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාතුමෙන්තුව ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම

https://drp.gov.lk/


26.මෝටර් රට ප්‍රවාහන දෙපාර්තුමෙන්තුව-රියදුරු බලපත්‍ර ලබාගැනීම වෙනුවෙන්

https://dmt.gov.lk/?lang=si


27.විදේශ කටයුතු අමත්‍යංශය-විදෙස් ගමන්

https://mfa.gov.lk/sin/


28.විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව- විශ්ව විද්‍යාල සම්බන්ධව

https://www.mohe.gov.lk/index.php?option=com_content&view=article&id=111&Itemid=200&lang=si


29.රැකියා අවස්ථා සහ ඇබෑර්තු

top jobs- https://www.topjobs.lk/


30- කම්කරු දෙපාර්තුමෙන්තුව- රැකියා, කම්කරු හා සේවක ගැටලු

https://labourdept.gov.lk/index.php?lang=si


31.ඔයාලගෙ mobile phone නැති උනොතින් පොලිසීයේ මෙම වෙබ් සයිට් එක ට ද තොරතුරු ලබාදෙන්න පුලුවන්-(මොනව උනත්  මතක ඇතුව ලගම පොලිස් ස්තානයට පැමිනිලි කිරීමට අමතක නොකරන්න),

https://www.ineed.police.lk/


** රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය-

ඕනැම තොරතුරක් ගැන දැනගෙනීමට-රාජය සේවාවන්, දුරකතන අංක, සහ ඒ හා සම්බන්ධ තොරතුරු. වෙනුවෙන්

https://gic.gov.lk/gic/



Comments

Popular posts from this blog

විභාග ලේසියෙන් සමත් වෙමු