Skip to main content

උගත්කමට සරිලන වැටුපක් නැති ගුරු සේවය ...



ගුරු භවතුනි ,...

ගුරු සේවා ව්‍යවස්ථාව -(1995) හා '1/99, 2000/14 චක්‍රලේඛ නිසා ගුරුවරුන් ට අහිමි වූ වැටුප් ත්ත්වයන් හදුනාගන්න .....

- E m.j.s.සේරම් ,ලේකම්,සමස්ත ලංකා උපාධිධාරී ගුරු සංගමය ..

1) ඩිප්ලෝමා ගුරුවරුන් ට වැටුප් පියවර 4ක්

2) උපාධි ගුරුවරුන්ට (නුපුහුණු) වැ.පි.3ක්

3) ගෞරව උපාධි ගුරුවරුන්ට (නුපුහුණු)  

     වැ.පි.6ක්

4) විද්‍යා ගණිත ඉංග්‍රීසි කෘෂි විද්‍යා නුපුහුණු       

     ගුරුවරුන් ට වැටුප් පියවර 6ක්

5) නුපුහුණු ගෞරව උපාධි ගුරු වරුන් ට 

     වැටුප් පියවර 6ක්

6) වෘත්තීය සුදුසුකම් සහිත සාමාන්‍ය උපාධි 

    ගුරුවරුන් ට වැටුප් පියවර 6ක් 

7) වෘත්තීය සුදුසුකම් සහිත ගෞරව උපාධි 

    ගුරුවරුන් ට වැටුප් පියවර 9ක්..

8) වෘත්තීය සුදුසුකම් රහිත උපාධි ගුරුවරුන් 

     2-11ඉහළට යාමට නොදී 2-11 වැටුප් හිම

     රැදී සිටීමට සිදුවීම..

9) 1 පංතිය ට යාමට ලකුණු තිබුනත් නොදීම .

     2-1හි වැටුප් ලබමින් සිටීමට සිදුවීම

.....!!!! ??????.....

මේ ත්ත්වය නිසා 1996 අ.පො.ස.උ.පෙළ විභාග පිළිතුරු පත් ඇගයීම් වර්ජනයට කළා .ගුරු ව්‍යවස්ථාව සංශෝධනය කළා

.1997.දි උපාධිධාරී ගුරුවරුන් සදහා.

  නමුත් ..95.-97වසර 2ක හිගවැටුප් අහිමි කළා .


ඒ 966/5 ගුරු ව්‍යවස්ථා සංශෝධනයෙන් ලද සහන අතරින්....

1) අභ්‍යාසලාභී උපාධිධාරී සේවාකාලය නැවත 97/5(1v)න් ඉවත් කර ගෙවු වැටුප් කැපුව.

2) උපාධි ඩ්ප්ලෝමා නිසා 2-11ට දැමූ අයව
      97/5/(v)න් නැවත 3-1ට දමා ගෙවූ වැටුප් 
    කපාගත්ත .(මම සටන් කරල 98/8 
     චක්‍රලේඛයෙන් එය නැවත දිනාදුන්න .
      1/99න් ආයෙ මේ උසස්වීම් ලබන අයගෙ 
      හිග වැටුප් 1995 -සිට 1999.ඔක්තෝබර් 
     දක්වා කපන්න.උත්සාහ කළා .ඒකත් මම 
     සටන්කරල නැවැත්තුව .

*** 1 පංතිය ට උසස්වීම් සදහා වූ විභාගය 1999 වෙනකං තිබ්බෙ නෑ.වසර 9ක් 2-1 හිටිය ගුරුවරුන් ...99 විභාගය තිබ්බ.සමත් උනේ ටිකයි.වැඩිදෙනෙක් උපාධිධාරී ගුරුවරුන් නිසා ඊට පසු විභාග තිබ්බෙ නෑ. විභාග නැතිව 1ට යන ක්‍රමයක් හෙව්ව පළමු ගුරු ව්‍යවස්ථාව හදපු කස්ටිය ...ඒකට තමයි 1/99හා 2000/14

චක්‍රලේඛ ගෙනාවෙ. ඒක 1994.10.06 දින සිට ක්‍රියාත්මක කරල..අපි 97ඉදල ලැබූ සහන සියල්ල 2000/14 න් අහිමිකළා මේ කස්ටිය .

***

කොහොමද ඒක කළේ .!.?

1) පුහුණු ,ඩිප්ලෝමා ,උපාධි තුන් කට්ටිය ම අවුරුදු 5ක සේවයෙන්...3-1 න් 2-11 ට උසස් කළා.( 966/5 ගුරු ව්‍යවස්ථා සංශෝධනය අනුවතිබුනෙ උපාධි අය වසර 5 න් පුහුණු අය 10 යෙන්...) ඒ අනුව උපාධියේ අගය 0උනා.


2) පුහුණු ගුරුවරුන් ගේ නුපුහුණු සේවා කාල වසර 2කට ලකුණු 1බැගින් දුන්න ..එවිට නුපුහුණු කාල වසර 10 කට ලකුණු 5යි. 2-11 ලැබුන.මුල් ගුරු ව්‍යවස්ථාව අනුව එවැනි පුහුණු ගුරුවරුන් 3-1හිටියෙ.ඒ අනුව උපාධි ගුරුවරුන් පස්සට ගියා...


3) ශ්‍රේණියෙන් ශ්‍රේණිය ට උසස් වන්නට පුහුණු ගුරුවරුන් ට නැවත ගුරු පුහුණු ව ලැබිය යුතු උනා.නමුත් 2000/14න් එම අවශ්‍යතා ඉවත් කර උසස්වීම් ලැබුවා.එහෙත් උපාධි ගුරුවරුන් ට පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා නැති ව 2-11න් ඉහලට යන්න දුන්නෙ නෑ ඒ නිසා කලින් උපාධි ගුරුවරුන් ට පහලින් සිටි පුහුණු ගුරුවරුන් උපාධි අය පසුකරමින් ඉහල වැටුප් හා පංති වල ට ගියා.

4) 1 පංතිය ට උසස්වීමට ලකුණු 20ක් එක්ක වයස අවුරුදු 50 ඉල්ලුව. මේ නිසා.ලකුණු තිබුනත් බොහෝ උපාධි ගුරුවරුන් ට 1 පංතිය ලැබුනේනෑ. වයසට ගිය පුහුණු ගුරුවරුන් වැඩි දෙනෙක් 1ට උසස්වීම් ලැබුව. එතනදිත් පුහුණු ගුරුවරුන් ට ඉස්සරහින් හිටි උපාධි ගුරුවරුන් පස්සට ගියා. 

5)මෙසේ හෝ 1 ට ගියත් ලකුණු 20 ට වඩා ලකුණු තිබුණත් ඔක්කොටම දුන්නෙ 1හි පළමු පියවර. එතනත් වැඩි ලකුණු තිබුනෙ උපාධි ගුරුවරුන් ට .නිසා වැඩි අවාසි ය උනේ උපාධි ගුරුවරුන් ට ..ජේෂ්ඨතාවය අහිමි කළා .ලැබියයුතු වැටුප් පියවර ලැබුනෙ නෑ .

 මේ 2000/14 චක්‍රලේඛය උපාධි ගුරුවරුන් ට හෙනගෙඩියක් උනා.

***

මේ නිසා ගුරුවරුන් අතර ව්ශාල ආන්දෝලනයක් ඇතිඋනා.ආන්ඩුව ට ආ චොදනා නිසා විසදුම් සෙවීම ට 2001 දි විමලධර්ම ඒකනායක කොමිෂන් සභාව පත් කළා...මමත් ඒකට කරුණු ඉදිරිපත් කළා .2001 ඔක්.කොමිෂම වාර්තා ව හා විසදුම් ලබා දුන්න .ඒත් මේ කස්ටිය ඒව ක්‍රියාත්මක කරන්න දුන්නෙ නෑ ..

*** විමලධර්ම කොමිෂම හි වාර්තා වේ


***

 සංක්ෂිප්තයක් මා ඔබට ඉදිරිපත් කරන්නම්.

*** එම විමලධර්ම කොමිසමේ නිර්දේශ අනුව 2001.08.16.දිනදී සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් ඉසුරුපාය දී.චක්‍රලේඛය ක් කෙටුම්පත් කළා.නමුත් ඒක m.s පෙරේරා ඇතුලු මේ කස්ටිය කැබිනට් අනුමැතිය ට යැව්වේනෑ.2001/12 නමින් චක්‍රලේඛය ක් නිකුත් උනා.1994න් පසු ආධුනික /අභ්‍යාසලාභී පත්වීම් ලත් ගුරුවරුන් පමණක් පත්වීම් දින සිට ස්තිර කර හිගවැටුප් ද ගෙව්ව. 1994 ට අභ්‍යාසලාභී උපාධිධාරී ගුරුවරුන් ට මේ සහනය දුන්නෙ නෑ .මා ගෙනගිය දීර්ඝ අරගලයේ අවසානයේ 2005/4 චක්‍රලේඛයෙන් තමයි.94ට පෙර උපාධි අභ්‍යාසලාභීන් ට එම අභ්‍යාසලාභී කාලය උසස්වීම් සදහා ලැබුනෙ. 1988 සිට 2005දක්වා වසර 16ක හිගවැටුප් මේ අයට අහිමිකළා .

ගුරු සංගම් නායකයින් අධ්‍යාපන බලධාරින් මොන තරම් කුරිරුද, කියා මේවායි අවබෝධ නොවේද ?

*** විමලධර්ම කොමිසමේ නිර්දේශ 2005/4 චක්‍රලේඛයට ඇතුලත් කරගැනීමට මා දැරූ උත්සාහය වසන්ත ධර්මසිරි රොවෙල් ඇතුලු පිරිස විරුද්ධ වෙලා කඩාකප්පල් කළා. එවකට ජනාධිපතිතුමිය ට.අධ්‍යාපන ලේකම් තුමියට මේ අසාධාරණයන් ලීව.

ඒ අනුව 2005/ED/E/ 52 කැබිනට් තීන්දුව ගත්ත .උපාධි ගුරුවරුන් ට වීතිබූ අසාධාරණයන් ට පිලියම් දෙන්නයිඒ තීන්දුව ගත්තෙ .අධ්‍යාපන නිල

ධාරීන් සමග එක්වූ මේ ගුරු සංගම් නායකයින් ඒකත් කරන්න දුන්නෙනෑ.ඒක තමයි මේ කස්ටිය ගුරුවරුන් ට කරපු දරුණුම අපරාධය.1995 ඉදන් ඒ ලකුණු ටික අනුව උසස්වීම් දුන්න නම් අද් ගුරුවරුන් ලොකු වැටුප් වල...


2005, අවසානයේ දි මට තේරුනා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් එක්ක සාධාරණයක් ගන්න බෑ කියල .මම ඔම්බුඩ්ස්මන් ට,මානවහිමිකම් කොමිෂම ට පැමිණිලි කළා .ජනාධිපතිතුමන් ගෙන් කොමිසමක් ඉලුලුම් කළා 2006දි.



2005දි 2005/4 පොදු ගුරු උසස්වීම් චක්‍රලේඛය දිනාගත්තේ සංගම් 14එක්වෙලා කළ සටනකින්.(ඒ වෙලාවෙ ලංකා ගුරු සංගමයේ ලේකම් සී. ජයතුංග සහෝදරය මේ කට ඝෘජු නායකත්වය ක් දුන්න)ඒත් ඒකෙදි ආයෙත් උපාධි ගුරුවරුන් ට අසාධාරණයන් ඇතිකළ මේ ගුරු සංගම් නායකයින් (වසන්ත ධර්මසිරි )ඊළඟට 2005/4ට පොදු උපදෙස් සංග්‍රහයක් හදල එයාලට ඕනා සහන ටිකක් දාගන්න අතරෙ උපාධි ගුරුවරුන් ට තවත් ගැටලු එයින් නිර්මාණය කළා.මම සමස්ත ලංකා උපාධිධාරී ගුරු සංගමයේ ලේකම් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ න් ඉල්ලීම් කළා මේ ගැටලු විසදා දෙන්න.යුක්තිය ඉටු කරන්න කියා මේ පහත් තිබෙන්නේ ඒ ලිපිය 2006 වෙද්දි උපාධිධාරී ගුරුවරුන් ට තිබුන ගැටලු මෙයින් හදුනාගන්න







නමුත් මේ හැම උත්සාහයක් ම ව්‍යර්ථ කිරීමට අමාත්‍යාංශයේ ම නිලධාරීන් හා ගුරු සංගම් නායකයින් වැඩකළා.2006 වෙද්දි අධ්‍යාපන අමාත්‍යාංශයේ ව්‍යවස්ථා සංශෝධන,චක්‍රලේඛය ,උපදෙස් සංග්‍රහයන් ,කෙටුම්පත් කළේ වසන්ත ධර්මසිරි රොවෙල් ඇතුලු පිරිස .ඒවට අධ්‍යාපන අමාත්‍ය තුමා ගෙ පුද්ගලික ලේකම්,HAT.බන්ඩාර ,අතිරේක ලේකම් SL.ගුනවර්ධන ,ඩී.වීරතුංග (අ.ජේ.ස.ලේකම් ) ,සහකාර ලේකම් ලතීෂා පී.ලියනගේ ඔවුන්ට උදව් කළා.

මේ මගෙත් සමග ලක්බිම 2005 කළ සම්මුඛ සාකච්ඡාවක් ...







*** වගකිවයුතු පුරවැසි සැමගේ අවධානය පිණිසය ......

ගුරු සේවයේ .1,2,3,නමින් පංති 3ක් ඇත.පහලම පන්තිය 3ය.එය 3-11.,3-1 ශ්‍රේණි 2කින් සමන්විත ය. 2පංතිය ඊට ඉහළින් ඇත.එය 2-11හා 2-1 නම් ශ්‍රේණි 2කින් සමන්විත ය.ඉහලින් ම 1 පංතිය වේ

  * 3-11ට ගන්නේ නුපුහුණු උපාධි නොවන ගුරුවරුන් වය.

 * 3-1 ගන්නේ පුහුණු ගුරුවරුන් හා නුපුහුණු උපාධි ගුරුවරුන් වය.

* 2-11 ට ගන්නේ. විශ්ව විද්‍යාල අධ්‍යාපනවේදී ගුරුවරුන් ය.

* උපාධි ගුරුවරුන් වසර 3කින් 2-11ට උසස් වේ

*පුහුණු ගුරුවරුන් වසර 5 කින් 2-11 ට උසස් වේ

* 3-1 හිදී උපාධි ගුරුවරුන් පශ්චාත් අධ්‍යාපන ඩිප්ලෝමා ලැබූ වොත් හෝ පුහුණු ගුරුවරුන් උපාධි ලැබුවොත් 2-11 හි 3 පියවර ට පත් කෙරේ..

 *2-11 හි උපාධි වෘත්තිය පුහුණු නැති සියලු ගුරුවරුන් වසර 9කින්ද,එම උපාධි වෘත්තීය පුහුණු ගුරුවරුන් වසර 7කින් ද 2-1ට උසස්වේ.

* වෘත්තීය සුදුසුකම් සහිත උපාධි ගුරුවරුන් අධ්‍යාපන පශ්චාත් උපාධිය ලබන්නේ නම් ඔවුන්ව 2-11 හි 5 පියවර ට පත් කෙරේ.ඔවුන්ට වසර 5ක සේවයෙන් 2-1ට උසස්වීම් ලැබේ.


* 2-1 සියලු ගුරුවරුන් වසර 6කින් 1ට උසස් වේ.


.මේ වගුවේ ඇත්තේ දැන් 1 පංතියේ ඉන්නා ගුරුවරුන් ගේ හරස් පැතිකඩකි.ගුරු ව්‍යවස්ථාව හි සදහන් කිසිදු විභාගය ක්,නැවත පුහුණුවක් ,සේවාස්ත පැය අවශ්‍ය ප්‍රමානයක්,මොඩියුල අවශ්‍ය තාවක් නොමැතිව එම සියලු අවශ්‍ය තා වලින් නිදහස් කිරීම් යටතේ සේවාකාලය මත පමණක් 1 පංතිය දක්වා මේ ගුරුවරුන් උසස්වීම් ලබා ඇත.(1999 1පංතියට උසස්වීම සදහා වූ විභාගයෙන් සමත් ව 1 ට ආ අය හැර)

1 තීරුවේ ගුරුවරුන් ගෙ අධ්‍යාපන සුදුසුකම් ඇත.

2 තීරුවේ 3/2016 වැටුප් චක්‍රලේඛය යටතේ ලබන ආරම්භක (44950) වැටුප දක්වා ඇත.

(1/3 කියා ගන්නා 3/2016(1v) න් 2022.01.01.සිට ලැබෙන වැටුප් මීටවඩා වැඩිය)


අවසන් තීරුවේ සුබෝධිනී යෝජනා අනුව 1 පංතියේ ආරම්භක වැටුප ( 76175)දක්වා ඇත.එනම් එම වැටුප 1පංතියට හිමිවියයුතු බවකියන 3/3ය. එනම් අධ්‍යාපන පරිපාලන සේවයෙ 1පංතියේ ආරම්භක වැටුප ය.

මෙය සුපරීක්ෂාකාරී ව නිරීක්ෂණය කරන්න .එවිට ඔබට සිදුවිය යුතු දේ කුමක්ද යන්න වැටහෙනු ඇත.


දිනමිණ පුවත්පතේ ලිපියක්




ගුරු භවතුනි, වැටුප් විෂමතා ඇත්ත දැනගන්න .....


***.2018 එස්.රනුක් ගේ ජනාධිපති විශේෂ වැටුප් කොමිෂන් සභාවට අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපත් කළ අතුරු වැටුප් යෝජනා  නැතහොත් 1/3 ලැබුනා යැයි ගුරු සංගම් විසින් කියාපානා 2022.01.01 සිට 3/2016/(1v) සංශෝධිත රා.ප.වැ.චක්‍රලේඛයෙන් ගුරු විදුහල්පති වරුන් ට ලැබෙන වැටුප් ....


*** මෙහි පසුතලය ...

2018 දිනක ජෝශප් ස්ටාලින් මට දුරකථනයෙන් කතාකළා. " සේරම් මගෙ කාර්‍යාලය ට එන්න වැටුප් විෂමතා ගැන කතාකරන්න ඕන " කියල.තවත් මා සමග එක්ව වැඩකරන සංගම් නායකයින් වද එක්ක එන්න කීව. මම ගියා කොළඹ 2,එයාගෙ ගුරු සංගම් කාර්‍යාලය ට.ගොඩක් සංගම් නායකයින් ආව.සංජීව ,මහින්ද ජයසිංහ,ජගත් ආනන්ද,රොවෙල්,මයුර,ෂෙහාන්,වසන්ත,වික්‍රමරත්න, මුදිත වීරවංශ,දයාරත්න පටබැදි හා තවත් අය....

ජෝශප්  මේ අමාත්‍යාංශයේ වැටුප් යෝජනා පිටපත් කරල මේක අපි ගම්මු කයල යෝජනා කළා. 

වසන්ත ධර්මසිරි ,යාලෙවෙල ,ජගත් ආනන්ද ,අපි වැරදි ගමනක් ආවෙ.අපි ඉල්ලපු ක්‍රමය වැරදියි කියල දැන් තේරෙනව අපි මේක ගම්මු කියල ජෝශප් ගෙ යෝජනා වට පක්ෂ උනා. තවත් සමහරෙක් මෙච්චර කල් වලිකෑවෙ මේක ගන්නද බෑ අපි අධ්‍යාපන පරිපාලන වැටුප් ගන්න සටන් කරන්න ඕන කීව.එදා ජෝශප් ට පසුබසින්න උනා.

ජෝශප් එදා හිටියෙ ආණ්ඩුව යහපාලනය එක්ක.ඒ නිසයි ඒ ප්‍රයත්නය දැරුවෙ.ඒවෙලාවෙ වැටුප් විෂමතා ඉවත් කරගැනීමට සටන් කරන පිල් 4ක් තිබුන

1) ලංකා ගුරු සංගමය හි ස්ටාලින් පිල- යාලෙවෙල වසන්ත ජගත් ආනන්ද ...

2) ලංකා ගුරු සේවා සංගමය හි මහින්ද ජයසිංහ පිල

3) සංජීව .ඇතුලු .පෙරටුගාමී පිල

4) අපි ,සමස්ත ලංකා උපාධිධාරී ගුරු සංගමය ඇතුලු විදුහල්පති හා ගුරු සංගම් එකමුතුව 


*** මම මේ ජෝශප් ගෙනාව වැටුප් යෝජනාව විශ්ලේෂණය කරල බැලුව ඒ අනුව වැඩිවන වැටුප් ගණන් බැලුව. ඒක හදපුවම බීසී.පෙරේරා වැටුප් විෂමතා වලින් 1/3ක් වගේ ප්‍රමාණය ක් තමයි තිබුනෙ.මම මේක අපේ සංගමය වෙනුවෙන් මා පලකරන "ගුරු පියස" මාසික සගරාවෙ පලකළා. මේ වගුවෙ තියෙන්නෙ ඒක.


*** මේ දැන් තියෙන හා කලින් තිබුන ගුරු ව්‍යවස්ථාවන් අනුව කිසිදා අධ්‍යාපන පරිපාලන සේවයෙ වැටුප් ගන්න ලැබෙන්නේ නෑ.ගුරුවරුන් යන්නේ දෙශපාලන හා වෙනත් පුද්ගලික පටු අරමුණු ඉටු කර ගැනීමට උත්සාහ  කරන කන්ඩායම ක්  පස්සෙ නිෂ්පල ගමනක්. මේ 2018 වැටුප් යෝජනාව අධ්‍යාපන අමාත්‍යාංශයේ එකක්...මේකට වැටුප් කොමිෂම එකග උනේ අනිකුත් රාජ්‍ය සේවක වැටුප් සමග නොගැටෙන  නිසයි. අධ්‍යාපන පරිපාලන සේවයෙ 111හි 11හි 1හි වැටුප් දෙන්න අපේ ගුරුවරුන් විදුහල්පති වරුන් ගෙන් වැඩි දෙනෙක් ට අවශ්‍ය අධ්‍යාපන හා වෘත්තිය සුදුසු කම් නෑ. 

වැටුප් කොමිෂම සුබෝධිනී යෝජනා නිවැරදි කර ගෙන එන්න කියා කිවත් ඒ සුදුසුකම් නැති ජෝශප් මහින්ද ඇතුලු පිරිස ඒකට  කැමති උනේ නෑ.

ආණ්ඩුව දාපු අමාත්‍ය මන්ඩල අනුකමිටු සාක්ෂි දෙන්න ගුරු සංගම් කැදවපු වෙලාවෙ ජෝශප්  මේ අතුරු වැටුප් යෝජනා ව දුන්න .ආණ්ඩුව ත් බැලුව මේකෙන් ගොඩයන්න..ඒක දුන්න.සුබෝධිනී යෝජනා ලාච්චුවෙ දාල වැහුව...ගුරුවරුන් රැවටුනා මේදුන්නෙ සුබෝධිනී යෝජනා වලින් 1/3ක් කියල....


ඕකයි ඇත්ත ...




Comments

Popular posts from this blog

විභාග ලේසියෙන් සමත් වෙමු