Skip to main content

දස්කොන් ( daskon ) පරපුරේ ඉතිහාසය

              ක‍්‍රිස්තුවර්ෂ 1672 වසරේ ත‍්‍රිකුණාමල වරායට පැමිණි ප‍්‍රංශ නෞකාවක නාවිකයෝ පිරිසක් උඩරට සිරි නැරඹීමට යද්දී එවකට ලක්දිව රජුවු දෙවැනි රාජසිංහ රජතුමාගේ සිරකරුවන් බවට පත් වූහ. එම නෞකාවේ පැමිණ උඩරට සිරකරුවන් බවට පත් වූ සෙනෙවියකුගෙන් පැවත එන පිරිසක් උඩරට අද ද ජීවත්වෙති. එම ප‍්‍රංශ සෙනෙවියාගේ නම ගැස්කොන් වූ අතර පසුව එය සිංහලයට පෙරළුණේ දස්කොන් නමිනි. නරේන්ද්‍රසිංහ රජුගේ අගමෙහෙසිය වූ ප‍්‍රමිලා බිසවට පෙම් කිරීමේ වරදට හිස් ගැසුම් කෑ බව කියන්නේ මෙම ප‍්‍රංශ සෙනෙවි ගැස්කොන්ගේ පුත‍්‍රයා වූ පේඩෲ ගැස්කොන්ය. ගැස්කොන් පරපුරේ ඉතිහාසය පිළිබද තොරතුරු සොයා යමු.

Gascon වාසගම නමේ තේරුම, සම්භවය, ඉතිහාසය

Gascon යන වාසගම Gascoigne යන වාසගමේ ප්‍රභේදයක් වන අතර එය ප්‍රංශ, ස්පාඤ්ඤ සහ ඉංග්‍රීසි ස්ථානීය නාමයක් ද වේ. එය ස්පාඤ්ඤය සමඟ දකුණු මායිමේ පිහිටි ප්‍රංශයේ Gascony හෝ Gascogne) පළාතෙන් පැමිණි පුද්ගලයෙකු දක්වයි. මෙම ප්‍රදේශයේ නම නිර්මාණය වී ඇත්තේ, වරක් බැස්කුස් නම් රෝමවරුන් විසින් Vascones ලෙස ද හඳුන්වන ලද ජන කණ්ඩායමක් මෙම ප්‍රදේශයට ආසන්නව ජීවත් වූ නිසාවෙනි. මධ්‍යතන යුගය වන විට, පුරසාරම් දෙඩීමට ප්‍රසිද්ධ වූ ගැස්කොන් (ප්‍රංශ භාෂාවට සම්බන්ධ ඔක්සිටන් භාෂාවේ උපභාෂාවක්) කතා කරන) මිනිසුන් විසින් මෙම ප්‍රදේශය තුළ පදිංචි වී ඇත. ක්‍රිස්තු වර්ෂ එකොළොස්වන සියවසේදී ගැස්කෝනි මිනිසුන් ඇක්වාටයින් මිනිසුන් සමඟ එක්සත් වූ අතර ක්‍රිස්තු වර්ෂ 1554-1453 දක්වා එංගලන්තය විසින් පාලනය කරන ලදී. එක් මූලාශ්‍රයක් ප්‍රකාශ කරන්නේ මෙම පවුල ගරිඩෙක්හි මෙන්ම ලැන්ගුඩොක්හිද ඉඩම් සහ හිමිකම් හිමි කීර්තිමත් රදල පවුලක් බවයි. මෙම මූලාශ්‍රයම කියා සිටින්නේ ගැස්කොන් පවුල ප්‍රථමයෙන් ජර්මනියේ හැම්බර්ග් හි පළමු පදිංචි කරුවන් බවයි.


1066 නෝමන් ආක්‍රමණය සමග මෙම නම එංගලන්තයට ගෙන එන ලද අතර නාමයේ Gascoigne ලෙස අක්ෂර වෙනස්  විය. එය යෝක්ෂයර් ප්‍රාන්තයේ වෙස්ට් රයිඩින් හි නාමයක් ලෙස මුල් බැස ගත්තේය.

මෙම නාමය වෙනස් වී ඇති ආකාරයන් පහත දැක්වේ.

  • Gascogne
  • Gascoigne
  • Gascoyne
  • Gascoine
  • Gascoing
  • Gascoin
  • Gascouin
  • Gaskoyne
  • Gasciogne
  • Gaskin
  • Guasconi 
  • ලංකාවේ දී දස්කොන් ලෙස 
බටහිර ලිඛිත ඉතිහාසයේ හමුවන gascon වාසගම දරන්නන්

ක්‍රිස්තු වර්ෂ 1206 දී නෝර්ත්හැම්ප්ටන්ෂයර් හි කියුරියා රෙජිස් රෝල්ස් හි ලේඛනගත කරන ලද බර්නාඩ් ගැස්කොන් මෙම වාසගමේ පැරණිතම හිමිකරු වේ.

ලතින් භාෂාවෙන් Rotuli Hundredorum ලෙස හඳුන්වනු ලබන වේල්සයේ සහ එංගලන්තයේ සංගණනයක් වන Hundred Rolls of 1273 AD, මෙම වාසගම දරන්නෙකු ලැයිස්තුගත කරයි. ඔහු නොර්ෆොක් ප්‍රාන්තයේ Geoffrey Gascoyne. 

1274 දී එංගලන්තයේ ඩෙවොන්ෂයර් හි පීටර් ගැස්කොයින් නම  වාර්තා වේ.

විලියම් ගැස්කොයින් ක්‍රි.ව. 1389 හි හන්ටිංඩන්ෂයර් හි ෆයින් කෝට් රෝල්ස් හි සාක්ෂිකරුවෙකු විය. 

Thomas Gascoigne, D.D. Oxford හි Oriel College හි 1434 සිට 1444 දක්වා විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා විය. 

William de Gasconia බකිංහැම්ෂයර් ප්‍රාන්තයේ III වන හෙන්රි සහ I Edward I රජුන්ගේ පාලන සමයේදී වාර්තා කරන ලද අතර ඔහු ටෙස්ටා ඩි නෙවිල්, sive Liber Feodorum හි ලේඛනගත කරන ලදී. 

ක්‍රි.ව. 1379 දී යෝක්ෂයර් හි ඡන්ද බද්ද, මෙම අවසාන නම දරන්නෙකු ලැයිස්තුගත කරයි: ජොහැන්නස් ගැස්කොයින්. 

මෙම නම ඇතුළත් මුල් බව්තීස්මය වූයේ 1624 දී ශාන්ත ජේම්ස් ක්ලර්කන්වෙල්හි ජෝර්ජ් ගැස්කොයින්ගේ දියණිය වන ඩොරතියි. 

මෙම නම සම්බන්ධ මුල් විවාහයක් වූයේ 1696 දී ලන්ඩනයේ සාරා ජොන්සන් සමඟ ජෝන් ගැස්කොයින් ය. 

Turri Londinensi. Jacob Gascoigne විසින් Calendarium Inquisition පශ්චාත් මරණ පරීක්ෂණයේදී ලේඛනගත කරන ලදී. 

මෙම නම ඇති ප්‍රසිද්ධ පුද්ගලයින් 

1) Sir Alvary Douglas Frederick Trench-Gascoigne (1893-1970) යනු පළමු ලෝක යුද්ධයේදී අශ්වාරෝහක  බලකායේ හි දෙවන ලුතිනන්වරයෙකු ලෙස සේවය කළ බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රිකයෙකි.

2) ඉංග්‍රීසි සිවිල් යුද්ධයේදී රාජකීය නිලධාරියෙකු වූ ඉතාලි රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සහ වික්‍රමාන්විතයෙකු වූ ශ්‍රීමත් බර්නාඩ් ගැස්කොයින් (1614-1687). ඉතාලි භාෂාවෙන් ඔහුගේ නම බර්නාඩෝ ගුවාස්කෝනි.

3) Biana Gascoigne (1986) යනු එංගලන්තයේ Hertfordshire හි උපත ලද බ්‍රිතාන්‍ය නිරූපිකාවක් සහ රූපවාහිනී නිළියකි.

4) ජෝර්ජ් ගැස්කොයින් (1535-1577) ඉංග්‍රීසි කවියෙකු සහ සොල්දාදුවෙකු විය.

5) Sidney Charles Bartholomew Gascoigne (1915-2010) යනු නවසීලන්තයේ උපත ලද ඕස්ට්‍රේලියානු දෘශ්‍ය තාරකා විද්‍යාඥයෙක් වන අතර ඔහු ඇන්ග්ලෝ-ඕස්ට්‍රේලියානු දුරේක්ෂය නිර්මාණය කිරීමට උදව් කළ ප්‍රකාශමිතිය පිළිබඳ විශේෂඥයෙකි.

6) Paul John Gascoigne (1967) යනු හිටපු එංගලන්ත ජාත්‍යන්තර පාපන්දු (පාපන්දු) ක්‍රීඩකයෙකු සහ කළමනාකරුවෙකි, ඔහුගේ Gazza යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන අතර Donston, Gateshead හි උපත ලබා ඇත.

7) ඩේවිඩ් ගැස්කොයින් (1916-2001) ලන්ඩනයේ හැරෝ හි උපත ලද අධියථාර්ථවාදී ව්‍යාපාරයේ ඉංග්‍රීසි කවියෙකි.

8) Thomas Jepspn Gascoyne (1876-1917) ඔහු ඩර්බිෂයර් හි Chesterfield හි Whitting හි ඉංග්‍රීසි වෘත්තීය පාපැදි ශූරයෙක් විය.

9) Michael Gascoyne (1963) නොර්විච් හි උපත ලද බ්‍රිතාන්‍ය ෆෝමියුලා වන් නිර්මාණකරුවෙකු සහ ඉංජිනේරුවෙකු වන අතර ඔහු ග්‍රෑන්ඩ් ප්‍රික් කණ්ඩායම් ගණනාවක් සඳහා (උදා. සෝබර්, ටිරල් සහ මැක්ලරන්) සේවය කළේය.

10) මේජර් ජෙනරාල් ශ්‍රීමත් ජූලියන් ඇල්වරි ගැස්කොයින් (1903-1989) දෙවන ලෝක යුද්ධයේ සේවය කළ අතර 1959-1964 දක්වා බර්මියුඩාවේ ආණ්ඩුකාරවරයා බවට පත්විය.

11) Pedro De Gascon (1700) කන්ද උඩරට රාජධානියේ මහා අධිකාරම් ලෙස සේවය කළේය.

උඩරට රාජධානියේ දස්කොන් නාමය

       ලංකා ඉතිහාසය තුළ අවස්ථා දෙකකදී දස්කොන් යන නාමය භාවිතා වෙනවා. මේ කතාවේ කතා නායකයා වගේම ‘ගැස්කොන්’ නම් ඔහුගේ පියාවත් හඳුන්වා ඇත්තේ මේ නමින්. ප්‍රංශ ජාතික අද්මිරාල් ද ලාහේ නම් නැව්පතියා 1672 දී ලංකාවේ ත්‍රිකුණාමල ප්‍රදේශයට පැමිණෙනවා. මේ ගමන අතරතුර මහ මුහුදේදී ඔවුන්ට ලන්දේසීන් සමඟ සටන් කිහිපයකටම මුහුණ දීමට සිදු වන අතර ඒ හැම සටනක්ම ජයග්‍රහණය කරන්නටත් මොවුන් සමත් වෙනවා. එකල මහනුවර රාජධානියේ රජකම් කරමින් සිටි දෙවන රාජසිංහ රජුත් ලන්දේසීන් සමඟ කෝපයෙන් පසු වුණා. මේ සිදුවීම දැනගැනීමෙන් පසු අපමණ සතුටට පත් රජුගෙන් අනගි ආගන්තුක සත්කාර ලබන්නටත් ලාහේ ඇතුළු පිරිසට හැකි වුණා.

       මාස කිහිපයකට පසු ඩි ලා නෙරෝල් සහ ගැස්කොන් උසස් තනතුරු ලබා ගත්තා පමණක් නොව බොහෝ පහසුකම් ලබා ගෙන ඇත. ද ලා නෙරෝල් වංශවත් උපතක් ඇති සිංහල මැණිකේ කෙනෙක්  සමඟ විවාහ වූ අතර ගැස්කොන් පෘතුගීසි සහ සිංහල මිශ්‍ර සම්භවයක් ඇති කාන්තාවක් සමඟ විවාහ විය.

මොවුන් දෙපලට පුතෙකු හා දියණියක් ලැබුණා. පිරිමි දරුවාගේ නම පේදෲ ගැස්කොන්. කුඩා කාලයේ පටන්ම පේදෲව පිරිවෙන් අධ්‍යාපනයට යොමු කරන්න ඔහුගේ දෙමව්පියන් කටයුතු කළා.

        ඔහු හා සම වයසක පසුවූ දෙවැනි රාජසිංහ රජුගේ පුත් නරේන්ද්‍රසිංහ කුමාරයාවත් එකල පිරිවෙන් අධ්‍යාපනයට යොමු කර තිබුණා. මේ දෙදෙනා කාලයක් ගත වෙද්දී ගජ මිතුරන් බවට පත් වුණා. ඒ නිසාම කුඩා පේදෲට දෙවැනි රාජසිංහ රජුගේ ආදර කරුණාව හා විශේෂ සැලකිලි ලැබුණා.

  දෙවන රාජසිංහ රජුගේ අභාවයෙන් පසුව රජකම හිමිවිය යුතුව තිබුණේ නරේන්ද්‍රසිංහ කුමාරයාට වුණත් ඒ තීරණයට උඩරට රදළයන් කැමති වුණේ නැහැ. ඔවුන් කුමාරයාට විරුද්ධව කැරැල්ලක් සංවිධානය කළා. වනයට පලා ගොස් සේනා සංවිධානය කරමින් සිටි නරේන්ද්‍රසිංහ කුමාරයාට මේ කාලවකවානුව පුරාම සහය දෙමින් පේදෲ ගැස්කොන් විශ්වාසවන්ත මිතුරෙකු ලෙස කටයුතු කළා. මේ කාලයේදී රට පාලනය කරනු ලැබුවේ දෙවන විමලධර්මසූරිය රජු විසින්.

    කැරැල්ල සාර්ථකව මැඩපැවැත්වූ කුමරු වර්ෂ 1707 දී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ ලෙස සිංහලයේ රජ වුණා. කළගුණ අමතක නොකළ රජු සිංහල ප්‍රධානීන්ගේ දැඩි විරෝධය මධ්‍යයේ වුවත් තම මිතුරු ගැස්කොන්, මහාදිකාරම් ධූරයට පත් කරගන්නවා. ඉන්පසුව භාවිතයේ පහසුව සඳහා ගැස්කොන් යන නාමය දස්කොන් ලෙස වෙනස් වෙනවා. මේ තනතුර වෙනුවෙන් කෘතගුණ සැලකීමක් විදියට දස්කොන් රජු වර්ණනා කර ප්‍රශස්ති කාව්‍යයක්ද රචනා කර තිබෙනවා.


     දස්කොන්ගේ කවීත්වය රජ වාසල බොහෝ පිරිසකගේ සිත් ගත්තත් ඔහුව මහාදිකාරම් ධූරයට පත් කරනවාට උඩරට රදළ පිරිස දැඩි විරෝධයක් දැක්වූවා. සමහරු දස්කොන් මිෂනාරි කටයුතුවලට සම්බන්ධ වනවාට අකමැති වූ අතර මේ නිසා රජවාසල තුළ ඔහුගෙන් පලිගන්නට මාන බලමින් සිටි පිරිස වැඩි වුණා.

  රජ වාසල ප්‍රසිද්ධ රහසක් බවට පත් වූ ප්‍රමිලා බිසවගේත් දස්කොන් අදිකාරම්ගේත් ප්‍රේමය ආරම්භ වන්නේ දස්කොන්, මහාදිකාරම් ධූරයට පත් වීමෙන් පසුව බවයි සඳහන් වෙන්නේ. ප්‍රමිලා බිසව හඟුරන්කෙත මාළිගයේත්, රජු සෙංගඩගල මාළිගයේත් වාසය කිරීමත් එවැනි තත්ත්වයක් ඇති වීමට තවත් බලපා තිබෙනවා. ප්‍රමිලා බිසව මෙන්ම දස්කොන් අදිකාරම්ද කවි ලිවීමෙහි නිපුණත්වයක් දැක්වීම ඔවුන් එකිනෙකා කෙරෙහි ළං වීමට තවත් හේතුවක් වූවා විය හැකියි.

   රජු දස්කොන් හා ප්‍රමිලා දේවියගේ රහස් සම්බන්ධය ගැන දැනගත්තේ මේ ඔස්සේ වැඩි තොරතුරු සොයා බැලීමේදී වන අතර ඉන්පසු දස්කොන් අදිකාරම සිරගත කෙරුණා. මෙම සිදුවීමෙන් පසු මහාදිකාරම් තනතුරට පත් වූයේ ලෙව්කේ රාළයි. මෙම සිදුවීම දස්කොන් සමඟ සතුරුකමින් සිටි අයෙකු විසින් කරවන ලද කුමන්ත්‍රණයක් බවට මතයක්ද පවතිනවා. සිරගතව සිටි දස්කොන් තම නිවැරදිභාවය විස්තර කෙරුණ “නෝක්කාඩු මාලය” නම් කවි සංග්‍රහය නව මහාදිකාරම් වූ ලෙව්කේ රාළ අතේ රජුට යවා තිබුණත් දස්කොන් සමඟ තිබූ තරහව නිසා ලෙව්කේ රාළ එය රජු අතට පත් වීම ප්‍රමාද කර තිබෙනවා. දස්කොන් තම නිවැරදි භාවය සනාථ කිරීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා නිසා රජු ඔහුව බෝගම්බර දංගෙඩිය මතදී හිස ගසා මරා දමනවා.

දස්කොන් පරපුරේ වර්තමාන සාමාජිකයින් 

         දස්කොන් පරපුරේ  වැඩිහිටිම පුද්ගලයන් දෙදෙනා වන්නේ, දස්කොන් අදිකාරම් මුදියන්සේලාගේ පුංචිකුමාරිහාමි දස්කොන් සහ කුඩාබණ්ඩා දස්කොන් ය. ඔවුහු ජීවත්වන්නේ උඩුවාවෙල ග‍්‍රාමයේය. කටුගස්තොට සිට රණවන පාරේ කිලෝ මීටර් තුනක පමණ දුරක් ගිය පසු උඩුවාවෙළ හමුවේ. එහෙත් ඔවුන්ගේ මුල් ගම වන්නේ වරාතැන්න, හල්ලොලුවය.   

   ඔවුන්ගේ පවුලේ සහෝදර සහෝදරියෝ හය දෙනෙකි. පිළිවෙලින් මුතුබණ්ඩා, බණ්ඩාරමැණිකා, කිරිබණ්ඩා, ලොකුබණ්ඩා, පුංචිකුමාරිහාමි . ඔවුන්ගේ පියා පුංචි බණ්ඩා, පියා ගේ පියා පුංචිරාළ. ඔවුන් පිස්කල් කන්තෝරුවේ සේවය කරන ලදී. වර්තමාන දස්කොන් පරපුර ආරම්භ වන්නේ වරාතැන්නෙන් බව පෙනී යයි.



 මූලාශ්‍ර
https://coadb.com/surnames/gascon-arms.html#:~:text=The%20surname%20Gascon%20is%20a,nation's%20southern%20border%20with%20Spain.
http://archives.dailynews.lk/2001/pix/PrintPage.asp?REF=/2007/09/26/art04.asp
https://www.lankadeepa.lk/Rasawitha/%E0%B6%B4%E0%B6%BB%E0%B7%81-%E0%B7%83%E0%B6%B1%E0%B7%80-%E0%B6%AF%E0%B7%83%E0%B6%9A%E0%B6%B1%E0%B6%9C-%E0%B6%8B%E0%B6%A9%E0%B6%BB%E0%B6%A7-%E0%B6%A5%E0%B6%AD-%E0%B6%B4%E0%B6%BB%E0%B6%B4%E0%B6%BB-%E0%B6%B8%E0%B6%B1%E0%B6%B1/57-515438
https://roar.media/sinhala/main/history/little-known-facts-about-daskon-pramila/amp

    ඔබත් දස්කොන් පරපුරට අයත් තොරතුරු පිළිබද දැනුවත් නම් පහලින් ඇති අදහස් දැක්වීමේ තීරයේ තුළ අදහස් දක්වන්න. නැත්තම් මාගේ විද්‍යුත් ලිපිනය වෙත තොරතුරු යොමු කරන්න.



Comments

Popular posts from this blog

විභාග ලේසියෙන් සමත් වෙමු